Event News [Sinhala]
2026
August
අතුරුදන් වූ නාවික නිලධාරියා සොයා මෙහෙයුම් අඛණ්ඩව
අඟුලාන මුහුදු ප්‍රදේශයේදී අනතුරට පත් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවෙහි සිටියදී අතුරුදන් වූ නාවික නිලධාරියා සොයා මෙහෙයුම් අද දින (2026 අගෝස්තු 18) සිව්වන දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
නාවික හමුදාවේ සම්පත් දායකත්වයෙන් ප්‍රථමාධාර පිලිබඳ ධීවර ප්‍රජාව බලගැන්වීමේ පුහුණු වැඩසටහනක් පේදුරුතුඩුව ධීවර වරායේදී
ශ්‍රී ලංකා නාවික හමුදාව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව, ප්‍රථමාධාර පිලිබඳ ධීවර ප්‍රජාව බලගැන්වීමේ පුහුණු වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර, ඒ යටතේ උතුරු ...
නාවික හමුදාධිපති නිල හමුවීමක් සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා බැහැදකියි
ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අද දින (2026 අගෝස්තු 17) නිල හමුවීමක් සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී බැහැදැකීය.
ඉන්දීය සාගර කලාපයේ උපායමාර්ගික ගතිකත්වයන් පිළිබඳ නාවික නිලධාරීන් දැනුවත් කෙරේ
අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ (විශ්‍රාමික) විසින් “සමකාලීන ගෝලීය තත්වය: ඉන්දීය සාගරය සහ ශ්‍රී ලංකාව” යන මැයෙන් දේශනයක් 2026 අගෝස්තු 16 වන දින නැගෙනහිර නාවික විධානයේ සේවයේ නිරත නිලධාරීන් සඳහා පවත්වන ලදී.
‘Commandant’s Cup Sailing Regatta - 2026’ තරඟාවලියට සමගාමීව පාසල් සිසුන් වෙනුවෙන් රුවල් ඔරු හැසිරවීම පිළිබඳ පුහුණු වැඩසටහනක්
‘Commandant’s Cup Sailing Regatta - 2026’ තරඟාවලියට සමගාමීව, ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා රුවල් ඔරු සංගමය (Yachting Association of Sri Lanka - YASL) හා එක්ව පාසල් සිසුන් වෙනුවෙන් සංවිධානය කළ රුවල් ඔරු හැසිරවීම ප...
ආකර්ෂණීය උතුරු වෙරළ තීරයක් වෙනුවෙන් අකණ්ඩ නාවික හමුදාව දායකත්වය
'ක්ලීන් ශ්‍රී ලංකා' ජාතික වැඩසටහනට සමඟාමීව, උතුරු පළාතේ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය නොමඳව දිනාගත් වෙරළ තීර පිරිසිදුව හා අලංකාරවත්ව පවත්වාගැනීම වෙනුවෙන් නාවික හමුදාව කැපවී සිටින අතර, ඒ යටතේ යාපනය කරෙයිනගර් ප්‍රදේශ...
ශ්‍රී ලංකා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා නාවික හමුදා දායකත්වය ඇගයීමට
තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ජාතික වෘත්තීය සුදුසුකම් (National Vocational Qualification – NVQ) සහතික මිලියන...
දේශමාන්‍ය ජෙනරාල් ඩෙනිස් පෙරේරා වාර්ෂික අනුස්මරණය 12 වන වරටත් උත්කර්ෂවත් ලෙස පවත්වයි
විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා ගුණානුස්මරණ උත්සවය දොලොස්වන (12) වරටත්, 2026 අගෝස්තු මස 11 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ...
නාවික හමුදාධිපති අති උතුම් කාදිනල් හිමිපාණන් බැහැදක ආශිර්වාද ලබාගනී
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, කොළඹ අගරදගුරු නිල නිවසේදී අද දින (2026 අගෝස්තු 12) බැහැදැක නාවික හමුදාවේ ඉදිරි කටයුතු සඳහා ආශිර්වාද ලබා ගන...
ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් Muhammad Talha Badar අද දින (2026 අගෝස්තු 12) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන්...