Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ වාර්ෂික දේව මංගල්‍යය සඳහා නාවික හමුදා සහය

15 Jun 2026

කොච්චිකඩේ, ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ වාර්ෂික දේව මංගල්‍යය, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සහ කිතුනු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2026 ජුනි මස 13 වැනි දින කොච්චිකඩේ, ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී පැවැත්වූ අතර, ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ ප්‍රතිමාව වීථි සංචාරය කිරීම මෙවරද නාවික හමුදාවේ දායකත්වයෙන් අති උත්කර්ෂවත් අයුරින් සිදු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදා දායකත්වය දේව මංගල්‍ය සඳහා ලබාදුන් අතර, වාර්ෂික දේව මෙහෙය ආරම්භ කරමින් පැවැත්වූ සන්ධ්‍යා දේව මෙහෙය සඳහා සහ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ ප්‍රතිමාව විථි සංචාරය කිරීමේ අවස්ථාවට බටහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ඇතුළු නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.

Accessibility Tools