සමුද්‍රීය ආරක්‍ෂාව සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කරගැනීම පිළිබඳ වැඩමුළුව කොළඹදී සාර්ථකව අවසන් වෙයි
ඉන්දියානු සාගරයේ තීරණාත්මක සමුද්‍රීය ගමන් මාර්ගයන්ගේ ආරක්ෂාව සඳහා පාර්ශවකරුවන්ගේ සමුද්‍රීය ධාරිතා ගොඩනැගීම වෙනුවෙන්, යුරෝපා සංගමය විසින් ක්‍රියාත්මක කරනු ලබන EU CRIMARIO වැඩසටහන යටතේ (The European Union’s Critical Maritime Routes Indian Ocean -EU CRIMARIO), ඉන්දු ශාන්තිකර කලාපීය තොරතුරු හුවමාරු කරගැනීමේ වේදිකාව (Indo-Pacific Regional Information Sharing platform -IORIS) භාවිතය පිළිබඳ සම්මත ක්‍රියාපටිපාටියක් සැකසීම (IORIS National Standard Operating Procedure) සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ධාරිතා වර්ධනය වෙනුවෙන්, කොළඹ ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේ පැවති වැඩමුළුව අද දින (2026 අගෝස්තු 28) සාර්ථකව නිමාවිය.
ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ධාරිතා වර්ධනය කිරීම අරමුණු කරගනිමින්, EU CRIMARIO ව්‍යාපෘතියෙහි අභ්‍යාස සැලසුම් හා උපදේශක මෙන්ම මෙරට නියෝජිත වශයෙන් කටයුතු කරනු ලබන Mr. Bjon මහතාගේ සම්පත් දායකත්වයෙන්, සමුද්‍රීය සහයෝගීතාවය, සම්බන්ධීකරණය හා සන්නිවේදනය (Maritime Cooperation, Coordination and Communication -MARCO3) පිළිබඳ වැඩමුළුව 2026 අගෝස්තු 17 සිට 21 දක්වා සහ ඉන්දු ශාන්තිකර කලාපීය තොරතුරු හුවමාරු කරගැනීමේ වේදිකාව භාවිතා කිරීම සම්බන්ධයෙන් සම්මත ක්‍රියාපටිපාටියක් සැකසීම පිළිබඳ වැඩමුළුව 2026 අගෝස්තු 24 සිට අද දින (2026 අගෝස්තු 28) දක්වා කොළඹ ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.