වැදගත් සිදුවීම්

එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS TULSA’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණෙයි

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS TULSA (LCS 16)’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2025 අගෝස්තු මස 27 වැනි දින කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදුකෙරිණි.

28 Aug 2025

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BRAWIJAYA-320’ නෞකාව කොළඹ වරායට පැමිණෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BRAWIJAYA-320’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද (2025 අගෝස්තු 27) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීම සිදු කෙරිණි.

27 Aug 2025

ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමය විසින් සංවිධානය කළ වෘත්තීය සංවර්ධන වැඩසටහනක් නාවික හමුදා මූලස්ථානයේදී

ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමය, Hemas Pharmaceuticals (Pvt) Ltd සහ Vision 8 Academy හා එක්ව, ත්‍රිවිද හමුදාවේ සහ පොලිසියේ වෛද්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය විශිෂ්ඨත්වය වෙනුවෙන් සංවිධානය කළ, සුවතාවය හා වෘත්තීය සංවර්ධනය පිලිබඳ එක්දින වැඩමුළුවක්, 2025 අගෝස්තු මස 21 වැනි දින නාවික හමුදා මුලස්ථානයේ ‘අද්මිරාල් සෝමතිලක දිසානායක’ ශ්‍රවනාගාරයේදී සාර්ථකව පැවැත්විණි.

27 Aug 2025

නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් පොල්පිතිගමදී ජනතා අයිතියට

නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, නාවික හමුදා සාමාජ සත්කාරක වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රීක්කයේ පොල්පිතිගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පළුගොල්ල, අඹගස්වැව ග්‍රාමයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) ජනතා අයිතියට පත්කිරීම, 2025 අගෝස්තු මස 24 වැනි දින සිදු කෙරිණි.

27 Aug 2025

නාවික හමුදාව මඟින් විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාවක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස සංවිධානය කල, විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාවක් 2025 අගෝස්තු මස 21 වැනි දින සිට 25 වැනි දින දක්වා යාපනය දිස්ත්‍රීක්කය ආවරණය වන පරිදි සාර්ථකව පැවැත්විණි.

27 Aug 2025

ආරක්‍ෂිත සහ කාර්යක්ෂම මාර්ග ප්‍රවාහන කළමනාකරණයක් කරා ගමන් කිරීම වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

නාවික හමුදාව විසින් ප්‍රවාහන සහයක නාවිකයන්ගේ වෘත්තීය දැනුම වැඩිදියුණු කිරීම වෙනුවෙන් ආරම්භකරන ලද වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක්, “රථවාහන ධාවන යෝග්‍යතාවය හා අනතුරු වැළැක්වීම” යන තේමාව යටතේ, 2025 අගෝස්තු මස 23 වැනි දින ශ්‍රී ලංකා පොලීසියේ සම්පත් දායකත්වයෙන්, වැලිසර නාවික රියදුරු පුහුණු පාසලේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

26 Aug 2025

පස්වන වරටත් සංවිධානය කරන ලද ‘Commandant’s Cup Sailing Regatta - 2025’ තරඟාවලිය රටවල් අටක සභභාගීත්වයෙන් ත්‍රීකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්‍ වෙයි

ත්‍රීකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් පස්වන වරටත් සංවිධානය කරන ලද ‘Commandant’s Cup Sailing Regatta - 2025’ රුවල් යාත්‍රා තරඟාවලිය, 2025 අගෝස්තු මස 20 වැනි දින සිට දින හතරක් (04) ත්‍රීකුණාමලය, Sandy Bay මුහුදු තීරයේදී සාර්ථකව පවත්වන ලද අතර, තරඟාවලියේ ජයග්‍රාහකයන් වෙත පදක්කම් සහ කුසලාන පිරිනැමීම, 2025 අගෝස්තු 23 දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

25 Aug 2025

උතරු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනියි

උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු, රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ 2025 අගෝස්තු මස 21 වැනි දින උතුරු නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

23 Aug 2025

නාවික හමුදාව පොතුවිල් සිංහල මහා විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහනක් සාර්ථකව පවත්වයි

අම්පාර, පොතුවිල් සිංහල මහා විද්‍යාලයේ සිසුදරුවන්ගේ මානසික සුවතාවය ඉහල නැංවීම වෙනුවෙන් සංවිධානය කළ මනෝවිද්‍යාත්මක උපදේශන සහ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක්, 2025 අගෝස්තු මස 21 වැනි දින ශ්‍රී ලංකා නාවික නෞකා මහනාග ආයතන ශ්‍රවනාගාරයේදී සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

23 Aug 2025

නාවික හමුදාව ‍ත්‍රීකුණාමලයේදී සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රීකුණාමලය නගර සිංහ සමාජය හා එක්ව, බෝ නොවන රෝග හඳුනා ගැනීමේ සහ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් 2025 අගෝස්තු මස 20 වැනි දින ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

23 Aug 2025