ඉන්දු - ශ්‍රී ලංකා නාවික හමුදා ඒකාබද්ධ කිමිදුම් අභ්‍යාසය ‘IN-SLN DIVEX 2026’ සාර්ථකව අවසන් වෙයි
ඉන්දියානු නාවික හමුදාවට අයත් කිමිදුම් මෙහෙයුම් සහයක නෞකාවක් වන ‘INS NIREEKSHAK’ නෞකාව 2026 අප්‍රේල් මස 21 වන දින දිවයිනට පැමිණි අතර, එම නෞකාවේ නාවිකයන් පිරිසක් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක්, කොළඹට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2026 අප්‍රේල් මස 21 සිට 28 වන දින දක්වා කිමිදුම් අභ්‍යාසයක් සාර්ථකව පවත්වන ලදී.
‘Saturation Diving’ වැනි ගැඹුරු මුහුදේ දිගුකාලයක් කිමිදුම් මෙහෙයුම් සඳහා යොදාගන්නා නවීන කිමිදුම් තාක්‍ෂණික උපකරණවලින්ද සමන්විත මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය සමඟ එක්ව සිදුකළ ඒකාබද්ධ කිමිදුම් අභ්‍යාසය තුල, ‘Nitrox’ වායු මිශ්‍රණය භාවිතා කරමින් සිදුකරන මිශ්‍ර වායු කිමිදුම් (Mixed Gas Diving) ක්‍රමවේද පිළිබඳවද විශේෂ පුහුණු වීම් සිදු කෙරුණි.
තවද, මෙම පුහුණු අභ්‍යාසය මඟින් නවීන කිමිදුම් උපකරණ හැසිරවීම හා භාවිතය සම්බන්ධයෙන් දෙරටේ නාවික හමුදා අතර දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට ද සුවිශේෂී අවස්ථාවක් උදා විය.










