දිවයිනට පැමිණි ‘INS SINDHUKESARI’ සබ්මැරීනය මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසුව දිවයිනෙන් පිටත්වෙයි

මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2026 මැයි මස 04 වැනි දින ඉන්දිය නාවික හමුදාවට අයත් ‘INS SINDHUKESARI’ සබ්මැරීනය දිවයිනට පැමිණි අතර, අද දින (2026 මැයි 06) එම සබ්මැරීනය දිවයිනෙන් පිටත් විය. ‘INS SINDHUKESARI’ සබ්මැරීනය වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

මෙලෙස දිවයිනට පැමිණි ‘INS SINDHUKESARI’ සබ්මැරීනයේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර, නිල හමුවීම බටහිර නාවික විධාන මූලස්ථානයේදී පැවැත්වුණු අතර, සබ්මැරීනය දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ එම කාර්යය මණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කෙරුණු විවිධ වැඩසටහන් සඳහාද සහභාගී විය.

තවද, සබ්මැරීනය නැරඹීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් හට අවස්ථාව උදාවු අතර, සබ්මැරීනයේ කාර්යය මණ්ඩලය දිවයිනේ රැදී සිටි කාලසීමාව තුලදී මෙරට ආකර්ෂණීය ස්ථානයන්හි සංචාරයකද නිරත විය.