වැදගත් සිදුවීම්
Pre Command Training (PCT) XIV පාඨමාලාව ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත් වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවන්ගේ අණභාර ගැනීමට නියමිත නිලධාරීන් වෙනුවෙන් නාවික හමුදා දියත් විධානය විසින් පවත්වන ලද දහ හතර වැනි (14) පුහුණු පාඨමාලාව (Pre Command Training - PCT 02/2025) 2026 ජනවාරි මස 23 වැනි දින ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව නිමාවට පත්වූ අතර, එහි සහතිකපත් ප්‍රදානය, ධජ නිලධාරී දියත් විධානය, කොමදෝරු දනේෂ් පත්බේරියගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
29 Jan 2026
Pre Command Training (PCT) XIV පාඨමාලාව ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත් වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවන්ගේ අණභාර ගැනීමට නියමිත නිලධාරීන් වෙනුවෙන් නාවික හමුදා දියත් විධානය විසින් පවත්වන ලද දහ හතර වැනි (14) පුහුණු පාඨමාලාව (Pre Command Training - PCT 02/2025) 2026 ජනවාරි මස 23 වැනි දින ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව නිමාවට පත්වූ අතර, එහි සහතිකපත් ප්‍රදානය, ධජ නිලධාරී දියත් විධානය, කොමදෝරු දනේෂ් පත්බේරියගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
29 Jan 2026
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය යටතේ ගාල්ල ධීවර වරාය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා නාවික හමුදාව දායක වෙයි
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ ගාල්ල ධීවර වරාය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා නාවික හමුදාවේ සමාජ සත්කාරක දායකත්වය ලබාදීමට 2026 ජනවාරි මස 24 වැනි දින කටයුතු කෙරිණි.
27 Jan 2026
නාවික හමුදාව විසින් මුලතිව් මහ රෝහලේදී ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි
නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, 2026 ජනවාරි මස 23 දින මුලතිව් මහ රෝහලේ දී සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
26 Jan 2026
රාජකීය ඕමාන නාවික හමුදාවේ ‘AL SEEB’ නෞකාව සැපයුම් හා සේවා සපුරා ගැනීමෙන් පසු දිවයිනෙන් පිටත් වෙයි
2026 ජනවාරි මස 22 වැනි දින සැපයුම් හා සේවා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි රාජකීය ඕමාන නාවික හමුදාවට අයත් ‘AL SEEB’ යුද නෞකාව 2026 ජනවාරි මස 24 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
26 Jan 2026
බෝඹුරුඇල්ල ජලාශයේ අක්‍රීය සොරොව් දොරටුව ක්‍රියාකාරී තත්වයට පත්කිරීම සඳහා නාවික හමුදා කිමිදුම් සහය
නුවරඑළිය බෝඹුරුඇල්ල ජලාශයේ අක්‍රීය තත්වයේ පැවති සොරොව් දොරටුව නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීම සඳහා, 2026 ජනවාරි මස 19 වැනි දින කිමිදුම් සහාය ලබා දීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
23 Jan 2026
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI SULTAN ISKANDAR MUDA - 367’ නෞකාව දිවයිනට පැමිණෙයි
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI SULTAN ISKANDAR MUDA - 367’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද (2026 ජනවාරි 22) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම කොළඹ වරායේදි සිදු කෙරිණි.
22 Jan 2026
රාජකීය ඕමාන නාවික හමුදාවේ ‘AL SEEB’ යුද නෞකාව කොළඹ වරායට පැමිණෙයි
රාජකීය ඕමාන නාවික හමුදාවට අයත් ‘AL SEEB’ යුද නෞකාව සැපයුම් හා සේවා සපුරා ගැනීම සඳහා අද (2026 ජනවාරි 22) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
22 Jan 2026
‘EX - DOSTI – XVII’ ත්‍රෛයිපාර්ශ්වීය නාවික අභ්‍යාසය සාර්ථකව නිමාවට පත්වෙයි
ඉන්දියානු සාගර කාළාපය තුල සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකායේ සහභාගීත්වයෙන් 2026 ජනවාරි මස 16 වැනි දින සිට 19 වැනි දින දක්වා මාලදිවයින් මුහුදු තීරයේදී පැවති ‘EX – DOSTI - XVII ’ ත්‍රෛයිපාර්ශ්වික නාවික අභ්‍යසය සාර්ථකව නිමාවට පත්විය.
21 Jan 2026
නේපාලයේ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යායතනයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යන සංචාරයක නිරතවෙයි
ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන නේපාලයේ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යායතනයේ, මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් ගෙන් සහ අධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයින් ගෙන් සමන්විත, බ්‍රිගේඩියර් ජෙනරල් Purna Bahadur Khatri ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් 2026 ජනවාරි මස 19 වැනි දින නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවිය.
20 Jan 2026


