සියළු පුවත්

මත්පෙති 53000 තොගයක් මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඉලුප්පුකඩවායි පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව, 2024 පෙබරවාරි මස 28 වන දින සවස් කාලයේ මන්නාරම, ඉලුප්පුකඩවායි කළපු ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, ළදු කැළෑවක් තුළ සඟවා තිබූ මත්පෙති (Pregabalin Capsules) පනස් ...

2024-02-29

ශ්‍රී ලංකා නාවික හමුදාව ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික න්‍යෂ්ටික ආරක්ෂක පරිපාලන මධ්‍යස්ථානය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ගරු ජූලි චංග් මහත්මිය ඇතුළු දූත පිරිසක් අද දින (2024 පෙබරවාරි 28) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු වූ අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇම...

2024-02-28

නාවික හමුදා සූපවේදී නාවිකයින් වෙනුවෙන් ප්‍රවීණ සූපවේදී දේශබන්දු ආචාර්යය පබිලිස් සිල්වා මහතාගේ සම්පත් දායකත්වයෙන් පුහුණු වැඩමුළුවක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සූපවේදී නාවිකයන් වෙනුවෙන්, ප්‍රවීණ සූපවේදී දේශබන්දු ආචාර්යය පබිලිස් සිල්වා මහතාගේ සම්පත් දායකත්වයෙන්, 2024 පෙබරවාරි මස 26 වන දින නාවික හමුදා මූලස්ථානයේදී පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු කෙරිණි. ...

2024-02-26

‘තඹුත්තයන්ගේ කබඩි තරඟාවලියේදී’ නාවික හමුදා කාන්තා සහ පිරිමි කබඩි කණ්ඩායම් ජයග්‍රහණ රැසක් දිනා ගනියි

2024 පෙබරවාරි මස 24 වන දින තඹුත්තේගම මහවැලි ක්‍රීඩාංගණයේ පැවති ‘තඹුත්තයන්ගේ කබඩි තරඟාවලියේදී’ නාවික හමුදා කාන්තා කබඩි කණ්ඩායම සමස්ත තරඟාවලියේ ශූරතාවය හිමි කර ගත් අතර, නාවික හමුදා පිරිමි කබඩි කණ්ඩායම විසින් සමස්ත තරඟාවලියේ ‍තෙව...

2024-02-26

කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය නාවික හමුදාවේ දායකත්වයෙන් උත්කර්ෂවත්ව පවත්වයි

ඉන්දු - ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, යාපනය පදවිය භාර ගරු පී. ජෝසප්දාස් ජෙබරත්නම් පියතුමා ගේ මෙහෙයවීමෙන්, යාපනය දිස්ත්‍...

2024-02-25

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කළමණාකරනය හා සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඇතුළු ඇමෙරිකානු දූත පිරිසක් විජයබාහු නෞකාවේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වෙයි

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කළමණාකරනය හා සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් හා එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වශයෙන් කටයුතු කරනු ලබන රිචඩ් ආර්. වර්මා මහතා (Richard R. Verma) සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ...

2024-02-23

2024 අන්තර් විධාන වොලිබෝල් තරඟාවලියේ පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානය සහ කාන්තා ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනා ගනියි

2024 අන්තර් විධාන වොලිබෝල් තරඟාවලිය, 2024 පෙබරවාරි මස 18 වන දින සිට 22 වන දින දක්වා ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේ පැවති අතර, තරඟාවලියේ පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානය විසින් සහ එහි කාන්තා ශූරතාවය බටහිර නාවික විධානය විසින් දින...

2024-02-23

නාවිකයන්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් නව සිව්මහල් නිවාඩු නිකේතනයක් සඳහා මුල් ගල තබයි

නාවිකයන්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් නවීන පහසුකම් සහිත සිව්මහල් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම අද දින (2024 පෙබරවාරි 22) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් කතරගම නාවි...

2024-02-22

නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ඉදිකළ 995 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මහියංගණය සේරාණ ප්‍රාථමික විදුහලේදී ජනතා අයිතියට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරක ව්‍යපෘතිය යටතේ ඉදිකළ 995 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මහියංගණය අරාවත්ත බ/ සේරාණ ප්‍රාථමික විදුහල් පරිශ්‍රයේදී 2024 පෙබරවාරි මස 21 වන දින විවෘත කර ජනතා අයිතියට පත් කෙරිණි. ...

2024-02-22

වාණිජ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව අද දින (2024 පෙබරවාරි 21 ) අළුයම මන්නාරම, පල්ලෙමුනේ ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස ‍වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු හයසියය පනහක් (650) පොදු ප්‍රවාහන සේව...

2024-02-21

රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක 2024 ජනවාරි මස 16 වන දි...

2024-02-21

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් නිලන්ත හේවාවිතාරණ වැඩ භාර ගනී

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් නිලන්ත හේවාවිතාරණ අද දින (2024 පෙබරවාරි 20) ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදුක...

2024-02-20

‘EX – DOSTI – XVI’ ත්‍රෛයිපාර්ශ්වීය වෙරළාරක්ෂක නාවික අභ්‍යාසයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව දිවයිනෙන් පිටත්වෙයි

‘EX – DOSTI – XVI’ ත්‍රෛයිපාර්ශ්වීය නාවික අභ්‍යාසය, මෙවර මාලදිවයින් මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් 2024 පෙබරවාරි මස 22 වන දින සිට 25 වන දින දක්වා පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ඒ සඳහා සහභාගීවීමට ශ්‍රී ලංකා නාවික නෞක...

2024-02-20

නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන එමින් තිබූ බීඩි කොළ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් 02 ක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, බත්තලංගුණ්ඩුව ඉදිරි මුහුදු ප්‍රදේශයේ 2024 පෙබරවාරි මස 19 වන දින සවස් කාලයේදී සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ නීති විරෝධි ලෙස මෙරටට රැගෙන එමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් එ...

2024-02-20

ඉන්දු ශාන්තිකර කලාපයේ ප්‍රංශ තානාපති සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්

ඉන්දු ශාන්තිකර කලාපයේ (Indo- Pacific) ප්‍රංශ තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු Marc ABENSOUR මහතා නිල හමුවක් සඳහා අද දින (2024 පෙබරවාරි 19) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය. ...

2024-02-19