අන්තර් විධාන මුෂ්ඨි ප්‍රහාරක ශුරතාවලිය - 2026 නාවික තඨාකාංගනයේදී සාර්ථකව පවත්වයි
‘අන්තර් විධාන මුෂ්ඨි ප්‍රහාරක ශුරතාවලිය -2026’, 2026 ජුනි මස 10 වැනි දින සිට 14 වැනි දින දක්වා නාවික තඨාකාංගන මුෂ්ඨි ප්‍රහාරක ක්‍රිඩාගාරයේදි පැවත්වුණු අතර, එහිදි පිරිමි ශූරතාවය උතුරු නාවික විධානයත්, කාත්නා ශුරතාවය පුහුණු විධානයත් දිනා ගැනිමට සමත් විය.
ඒ අනුව, නාවික හමුදා විධානයන් නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රිඩිකාවන් රැසක් සහභාගි වූ මෙම තරඟාවලියේදි, උතරු විධානය රන් පදක්කම් පහක් (05) සහ රිදි පදක්කමක් (01) දිනාගෙන තරඟාවලියේ පිරිමි ශූරතාවය දිනාගත් අතර, රන් පදක්කම් තුනක් (03), රිදි පදක්කම් දෙකක් (02) සහ ලෝකඩ පදක්කම් දෙකක් (02) දිනාගත් පුහුණු විධානය කාන්තා ශූරතාවය දිනා ගැනිමට සමත් විය.
පිරිමි කිලෝ ග්‍රෑම් 75 - 80 බර පංතියෙන් තරඟ වැදුනු උතුරු නාවික විධානයේ ලුතිනන් පීඒ සමරසිංහ තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකායාට හිමි කුසලානයත්, කිලෝ ග්‍රෑම් 54 - 57 බර පංතියෙන් තරඟ වැදුනු පුහුණු නාවික විධානයේ සාමාන්‍ය කාන්තා නැවි පීඒකේඑන් කුමාරි දක්ෂතම ක්‍රිඩිකාවට හිමි කුසලානයත් මෙහිදි හිමි කර ගන්නා ලදි.
තවද, අන්තර් විධාන මුෂ්ඨි ප්‍රහාරක ශුරතාවලියේ ත්‍යාග ප්‍රදානය නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා මුෂ්ඨි ප්‍රහාරක සංචිතයේ සභාපති, කොමදෝරු ලංකා පෙරේරා සහ නාවික විධානයන් නියෝජනය කරමින් නිලධාරීන් හා නාවිකයින් පිරිසක් සහභාගි වි සිටියහ.