Sri Lanka Navy – Official Logo
SPORT NEWS 2026

අන්තර් විධාන පිහිණුම් හා දිය පන්දු තරඟාවලිය ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී සාර්ථකව අවසන් වෙයි

27 Aug 2026

නාවික හමුදා අන්තර් විධාන පිහිණුම් හා දිය පන්දු තරඟාවලිය, 2026 අගෝස්තු මස 23 වැනි දින සිට 26 වැනි දින දක්වා ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පිහිණුම් තඨාකයේදී සාර්ථකව පැවත්වුනු අතර, තරඟාවලියේ පිරිමි හා කාන්තා ශූරතා ද්විත්වය පුහුණු විධානය විසින් හිමි කර ගැනීමට සමත්විය.

ඒ අනුව, සියළුම විධාන නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රිඩිකාවන් දෙසියයක (200) පමණ පිරිසක් සහභාගි වූ අන්තර් විධාන පිහිණුම් හා දිය පන්දු තරඟාවලියේ පිහිණුම් අංශයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය දියත් විධානයේ උප ලුතිනන් එච්ආර්එල් පෙරේරා විසින්ද, දක්ෂතම ක්‍රීඩකාවට හිමි කුසලානය බටහිර නාවික විධානයේ බල නැවි (කාන්තා) පීඑන්එන් පියසිරි විසින්ද, හිමිකර ගැනීමට සමත්විය. පිහිණුම් අංශයේ දක්ෂතම ආධුනික පිහිණුම් ක්‍රීඩකයාට හිමි කුසලානය නැගෙනහිර නාවික විධානයේ සාමාන්‍ය නැවි ඩබ්ජීසීකේ කුමාර විසින් සහ දක්ෂතම ආධුනික පිහිණුම් ක්‍රීඩිකාවට හිමි කුසලානය එම විධානයේ සාමාන්‍ය නැවි (කාන්තා) ඒඑච්අයිඑච් සම්පත් විසින්ද, තරඟාවලියේ ප්‍රවීන දක්ෂතම ක්‍රීඩකයා‍ට හිමි කුසලානය දකුණු නාවික විධානයේ ප්‍රධාන සුළු නිලධාරි කේඒඑස් කුමාර විසින්ද, එහිදී හිමිකර ගන්නා ලදී.

තරඟාවලියේ දිය පන්දු අංශයේ දක්ෂතම ක්‍රිඩකයා ලෙස පුහුණු විධානයේ නායක කිමිදුම් ඒඑන්එස් ආරියවංශ විසින් සහ දක්ෂතම ක්‍රිඩිකාව ලෙස එම විධානයේ සාමාන්‍ය නැවි (කාන්තා) පීඒකේඑන් කුමාරි විසින් එහිදී කුසලාන හිමි කර ගැනීමට සමත් විය.

Accessibility Tools