Sri Lanka Navy – Official Logo

රුපියල් මිලියන 38 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් විදේශීය කංසා තොගයක් සමඟ සැකකරුවෙක් යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී නීතියේ රැහැනට

24 Sep 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, අද දින (2026 සැප්තැම්ර් 24) යාපනය ගුරුනගර් කලපු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, විදේශීය කංසා කිලෝ ග්‍රෑම් එකසිය අනූදෙකකට (192) අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ සැකකරුවෙක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයේ ශ්‍රි ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනය වෙත ලද විශ්වාසනීය තොරතුරකුට අනුව, යාපනය ගුරුනගර් කලපු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදි, එම කලපු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී එම යාත්‍රාව තුල උර හතක, පාර්සල් අසූ අටක (88) අසුරා තිබූ විදේශීය කංසා කිලෝ ග්‍රෑම් එකසිය අනුදෙකකට (192) අධික තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රාව (01) නාවික හමුදා භාරයට ගත් අතර, ප්‍රදේශයේ සිදුකල වැඩිදුර සෝදිසි මෙහෙයුමකදී එක් සැකකරුවෙකු (01) නීති‍යේ රැහැනට හසුකර දීම‍ට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් විදේශීය කංසා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන තිස් අටකට (38) අධික වෙතැයි විශ්වාස කෙරෙණ අතර, එම විදේශීය කංසා තොගය, සැකකරු සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය කොට්ඨාෂ පොලිස් අපරාධ විමර්ශන ඒකකය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

Accessibility Tools