Sri Lanka Navy – Official Logo
EVENT NEWS › 2026

නාවික හමුදාධිපති අද්මිරාල් නිලයට උසස් කෙරේ

30 Jun 2026

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ගරු ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ අද (2026 ජුනි 30) සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කර ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාධිපති වශයෙන් 2024 දෙසැම්බර් මස 31 වැනි දින රාජකාරී ආරම්භ කරන ලද වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් පසු නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නාවික හමුදාධිපති වෙත විශේෂ සම්මාන ආචාර මුරයක් මඟින් උත්තමාචාර පිරිනැමිම, අද (2026 ජුනි 30) නාවික හමුදා මූලස්ථානයේදි සිදු කෙරිණි.

Accessibility Tools