Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

අභිනව නාවික හමුදා වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් ලෙස කොමදෝරු චමින්ද කරුණාසේන වැඩ භාර ගනියි

28 Aug 2026

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිනව වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් ලෙස පත් කෙරුණු කොමදෝරු චමින්ද කරුණාසේන, අද දින (2026 අගෝස්තු 28) නාවික හමුදා මූලස්ථානයේදී එම ධුරයේ රාජකාරී නිල වශයෙන් භාර ගැනීම සිදු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් ලෙස කටයුතු කල රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා විසින් කොමදෝරු චමින්ද කරුණාසේන වෙත නාවික හමුදා මූලස්ථානයේදී නිල වශයෙන් රාජකාරී භාරදීම සිදු කෙරුණු අතර, රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා බටහිර නාවික විධානයේ ආඥාපති ලෙස ඉදිරියේදී වැඩභාර ගැනිමට නියමිතව ඇත.

Accessibility Tools