වැදගත් සිදුවීම්
ජාතික රණවිරු සැමරුමට සමගාමීව නාවික හමුදාධිපති වැලිසර නාවික රණවිරු රැකවරණ මධ්‍යස්ථානයේ රණවිරුවන් හමුවෙයි
මැයි මස 19 වැනි දිනට යෙදුණු ජාතික රණවිරු සැමරුමට සමගාමීව, වැලිසර නාවික රණවිරු රැකවරණ මධ්‍යස්ථානයේ (Anchorage Naval Care Center) නේවාසිකව සිටින රණවිරුවන් හමුවීම සඳහා අද (2026 මැයි 22) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගි විය.
22 May 2026
සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි ඉතාලි නාවික හමුදාවට අයත් “ITS GIOVANNI DELLE BANDE NERE” යුද නෞකාව දිවයිනෙන් පිටත්වෙයි
ඉතාලි නාවික හමුදාවට අයත් “ITS GIOVANNI DELLE BANDE NERE” යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2026 මැයි මස 21 වැනි දින දිවයිනට පැමිණි අතර, එම අවශ්‍යතාවයන් සපුරා ගැනීමෙන් පසුව අද (2026 මැයි 22) දිවයිනෙන් පිටත් විය. “ITS GIOVANNI DELLE BANDE NERE” නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
22 May 2026
සාගර සහ වෙරළ කලාපයේ තිරසාර පැවැත්ම ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් නාවික හමුදාවේ සහභාගීත්වයෙන්
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘නීල හරිත සංග්‍රාමය’ (Green and Blue Domain) සමුද්‍ර පරිසර පද්ධතිය සුරැකීමේ වැඩසටහනට සමගාමීව, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහන යටතේ සාගර සහ වෙරළ කලාපයේ තිරසාර පැවැත්ම ප්‍රවර්ධනය කිරීමේ තවත් එක් වැඩසටහනක්, 2026 මැයි මස 19 වැනි දින ත්‍රීකුණාමලය නාවික තටාකංගනයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
22 May 2026
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ‘මිහිඳු සෙත් මැදුරේ’ රණවිරු සුවදුක් විමසයි
ජාතික රණවිරු අනුස්මරන දිනය නිමිතිකොටගෙන, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) 2026 මැයි 19 දින අත්තිඩියේ පිහිටි ‘මිහිඳු සෙත් මැදුර’ රණවිරු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.
22 May 2026
නාවික හමුදාවේ මූලිකත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් (01) උතුරු මැද නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී, 2026 මැයි මස 19 වැනි දින පැවැත්විණි.
21 May 2026
ජාතික රණවිරු දින සැමරුම් උළෙල ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී
2026 ජාතික රණවිරු දින සැමරුම් උළෙල, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ රණවිරු සේවා අධිකාරියේ සංවිධායකත්වයෙන් 2026 මැයි මස 19 වැනි දින බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී අභිමානවත්ව පැවැත්විණි.
20 May 2026
නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ක් යාපනය විශ්වවිද්‍යාලයේ සිසු අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, යාපනය විශ්වවිද්‍යාලයට අයත් කිලිනොච්චියේ පිහිටි ඉංජිනේරු, තාක්‍ෂණික සහ කෘෂි පීඨයන්ගේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ නේවාසිකාගාර පරිශ්‍රයන්හි ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) සිසු අයිතියට පත්කිරීම 2026 මැයි මස 11 වැනි දින සිදු කෙරිණි.
13 May 2026
‘දිට්වා’ සුළි කුණාටුව අවස්ථාවේ මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් වෙනුවෙන් සහභාගීවූ නාවික හමුදා පුද්ගලයින් නාවික හමුදාධිපතිගේ ඇගයීමට
‘දිට්වා’ සුළි කුණාටුව අවස්ථාවේදී දිවයිනේ ඇති වූ ජාතික ආපදා තත්වය කළමනාකරණය සහ මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීමේ මෙහෙයුම් වෙනුවෙන් සහභාගී වූ නාවික පුද්ගලයින්ගේ කැපවීම අගය කිරීමේ උත්සවයක් 2026 මැයි මස 08 වැනි දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථාන සංකීර්ණයේදී සිදුකෙරිණි.
11 May 2026
දකුණු මුහුදේදී අනතුරට පත් ධීවරයෙකු, ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය
ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ගැඹුරු මුහුදේදී හදිසි අනතුරට ලක් වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදා යාත්‍රාවක් මඟින් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදාව විසින් 2026 මැයි මස 08 වන දින කටයුතු කෙරිණි.
10 May 2026
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් 02ක් පුත්තලමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 මැයි මස 05 වැනි දින පුත්තලම පෙරියපාඩු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසිය දහඅටක (618) පමණ තොගයක් රැගත් කැබ් රථයක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
06 May 2026


