Sri Lanka Navy – Official Logo
SPORT NEWS 2026

රාජ්‍ය සේවා පිලිමළුන් පිටුදැකීමේ දැල්පන්දු තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාවට

23 Sep 2026

2026 රාජ්‍ය සේවා පිලිමළුන් පිටුදැකීමේ දැල්පන්දු තරගාවලිය, 2026 සැප්තැම්බර් මස 17 සහ 18 යන දෙදින යාපනය විශ්වවිද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී සාර්ථකව පැවැත්වුණු අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා දැල්පන්දු කණ්ඩායම විශිෂ්ට දස්කම් දක්වමින් පිලිමළුන් පිටුදැකීමේ දැල්පන්දු ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

රාජ්‍ය සේවා දැල්පන්දු සංගමය විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය සඳහා ත්‍රිවිධ හමුදාව සහ දිවයිනේ ප්‍රකට දැල්පන්දු ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් කණ්ඩායම් පනහකට (50) අධික සංඛ්‍යාවක් සහභාගි විය. එහිදී, නාවික හමුදා දැල්පන්දු කණ්ඩායම සහ ගුවන් හමුදා දැල්පන්දු කණ්ඩායම සහභාගී වූ ‘ඒ’ කාණ්ඩයේ අවසන් මහා තරගයේදී, තියුණු තරගයකින් අනතුරුව ලකුණු 57-54 ලෙස ශ්‍රී ලංකා නාවික හමුදා දැල්පන්දු කණ්ඩායම ජය ගනිමින්, සමස්ථ තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාවට හිමි කර දීමට සමත්විය.

තවද, තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත ත්‍යාග හා කුසලාන පිරිනැමීමේ අවස්ථාවට යාපනය දිස්ත්‍රීක් ලේකම් එම් ප්‍රදීපන් මහතා, ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ ලේකම් දේෂිකා විතාරණ මහත්මිය, ශ්‍රී ලංකා නාවික හමුදා දැල්පන්දු සංචිතයේ සභාපති කොමාණ්ඩර්, එච්ඒ රත්නකීර්ති ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

Accessibility Tools