නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලා ප්රවාහනය කරමින් සිටි සැකකරුවෙක් කිලිනොච්චි වලෙයිපාඩු ප්රදේශයේදී නීතියේ රැහැනට
ශ්රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චිය වලෙයිපාඩු කලපුව ප්රදේශයේ 2026 ඔක්තෝබර් මස 29 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ගණනින් එක්දහස් පන්සියක (1,500) පමණ තොගයක් සමඟ සැකකරුවෙක් (01) සහ කුඩා යාත්රාවක් (01) නීතියේ රැහැනට හසුකර ගනු ලැබීය.
ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය මඟින් සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු කුඩා යාත්රාවක් (01) පරීක්ෂාවට ලක්කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස අල්ලා ගොඩ බිමට ප්රවාහනය කරමින් තිබූ මෙම මුහුදු කූඩැල්ලන් තොගය සමඟ කිරංචි ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක් වන සැකකරු (01) සහ කුඩා යාත්රාවක් මෙලෙස නීතියේ රැහැනට හසුකර ගනු ලැබීය.
තවද, මෙම මෙහෙයුම මඟින් නීතියේ රැහැනට හසුකරගත් සැකකරු, මුහුදු කූඩැල්ලන් තොගය සහ කුඩා යාත්රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චිය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.













