EVENT NEWS › 2026

වයඹ නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් මාලන් පෙරේරා වැඩ භාර ගනියි

30 Oct 2026

වයඹ නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස පත් කෙරුණු රියර් අද්මිරාල් මාලන් පෙරේරා අද දින (2026 ඔක්තෝබර් 30) වයඹ නාවික විධාන මූලස්ථානයේදී, එම විධානයේ ආඥාපති ධූරයේ රාජකාරී නිල වශයෙන් භාර ගැනීම සිදු කෙරිණි.

නාවික හමුදා සම්ප්‍රදායානුකූල අභිනව ආඥාපති වයඹ නාවික විධාන මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, එම විධානයේ ආඥාපති ධූරය හෙබවූ රියර් අද්මිරාල් වරුණ ෆර්ඩිනැන්ඩස් විසින් විධාන මූලස්ථානයේදී නිල වශයෙන් නව ආඥාපති වෙත රාජකාරී භාර දෙනු ලැබීය.

තවද, විසි තුන්වන (23) බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව, 1996 වර්ෂයේ ජූනි මස 20 වැනි දින අධිකාරියට පත් රියර් අද්මිරාල් මාලන් පෙරේරා, වයඹ නාවික විධානයේ ආඥාපති ලෙස පත්වීමට ප්‍රථම, සැපයුම් කළමණාකරන මැදිරියේ අධ්‍යක්‍ෂ ලෙස රාජකාරි කටයුතු කරනු ලැබීය.

Accessibility Tools