නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්රති ආශ්රැතිකරන ජල පිරිපහදු මධ්යස්ථානයක් ගලෙන්බිඳුණුවැව ප්රදේශයේදී විවෘත කෙරේ
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්යාපෘතිය යටතේ, අනුරාධපුර දිස්ත්රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පඩිකාරමඩුව මහ විදුහල් පරිශ්රයේ ස්ථාපනය කල ප්රතිආශ්රැති ජල පිරිපහදු මධ්යස්ථානය (01) සිසු අයිතියට පත්කිරීම, 2026 ඔක්තෝබර් මස 16 වැනි දින එම විද්යාල පරිශ්රයේදී සිදුකෙරිණි.
ගලෙන්බිඳුණුවැව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පඩිකාරමඩුව මහ විද්යාලයේ සිසු දරුවන්ගේ දෛනික පිරිසිදු පානීය ජල අවශ්යතාවය වෙනුවෙන් භාවිතාවන ප්රතිආශ්රැති ජල පිරිපහදු යන්ත්රය නිසි ක්රියාකාරිත්වයේ නොමැති වීම හේතුවෙන්, එම විද්යාලයේ දරුවන් හට පිරිසිදු පානීය ජලය සපුරා ගැනීම වසර ගණනාවක් පුරා නොවිසඳී පැවති ගැටළුවක් විය.
ඒ අනුව, එම ගැටළුවට පිළියමක් ලෙස, සෞඛ්ය අමාත්යාංශයේ මූලිකත්වයෙන්, නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ ලක්සිරි අබේසේකර මහතාගේ මූල්ය දායකත්වයෙන්, ස්ථාපිත කෙරුණු මෙම ජල පිරිපහදු මධ්යස්ථානය මඟින්, පඩිකාරමඩුව විදුහලේ සිසු දරුදැරියන්ගේ පිරිසිදු පානීය ජල අවශ්යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
තවද, මෙම ප්රතිආශ්රැති ජල පිරිපහදු මධ්යස්ථානය ස්ථාපනය කිරීමත් සමඟ, නාවික හමුදාවේ දායකත්වයෙන් ප්රතිආශ්රැති ජල පිරිපහදු මධ්යස්ථාන 1,163ක් ජනතා අයිතියට පත්කර ඇත.













