වැදගත් සිදුවීම්

නැගෙනහිර පළාත් ගිනි නිවීමේ සේවාවන්හී 'පළමු කාර්යක්‍ෂමතා කඩඉම් විභාගයේ' ප්‍රායෝගික පරීක්‍ෂණය පැවැත්වීම සඳහා නාවික හමුදා සහය

නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යංශය යටතේ ඇති ගිනි නිවීමේ සේවාවන්හී ‘පළමු කාර්යක්‍ෂමතා කඩඉම් විභාගයේ’ ප්‍රායෝගික පරීක්‍ෂණය ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ දී 2024 අගෝස්තු මස 20 වන දින ආරම්භ වූ අතර, ඒ සඳහා නාවික හමුදා ඉංජිනේරු අංශයේ විශේෂඥ වෘත්තීය සහය ලබාදීම සිදු කෙරිණි.

21 Aug 2024

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS O'kane’ නෞකාව කොළඹ වරායට පැමිණෙයි

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS O'kane’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 21) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගැනීමට කටයුතු කෙරිණි.

21 Aug 2024

නාවික තඨාකාංගනයේ ස්ථාපනය කළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කෙරේ

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික තඨාකාංගනයේ, නාවික යුදායුධ දෙපාර්තමේන්තු ජැටිය පරිශ්‍රයේ (CNAD Pier) ස්ථාපනය කළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය අද දින (2024 අගෝස්තු 20) නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

20 Aug 2024

ඉන්දුනීසියානු ජනරජ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි ඉන්දුනීසියානු ජනරජ තානාපති කාර්යාලයට අනුයුක්තව, ‍ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ජනරජ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කොමදෝරු, Ardiansyah Muqsit අද දින (2024 අගෝස්තු 20) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

20 Aug 2024

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Spruance’ නෞකාව කොළඹ වරායෙන් පිටත්වෙයි

සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2024 අගෝස්තු මස 19 වන දින කොළඹ වරායට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Spruance’ නෞකාව සිය සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව අද දින (2024 අගෝස්තු 20) කොළඹ වරායෙන් පිටත්ව යාම සිදු කෙරිණි.

20 Aug 2024

මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසල මහා පෙරහැරේ දියකැපීමේ මංගල්‍යයට නාවික හමුදා දායකත්වය

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සහ සතර මහා දේවාලයන්හි ඇසළ මහා පෙරහැරේ අවසානය සනිටුහන් කරමින් පේරාදෙණිය ගැටඹේ දියකපනාතොටේදී අද (2024 අගෝස්තු 20) උදෑසන පැවති දියකැපීමේ මංගල්‍ය සාර්ථකව පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දායකත්වය දක්වන ලදී.

20 Aug 2024

රණක්‍ෂිතයට පත් විශ්‍රාමික නාවිකයෙකු වෙත රෝද පුටුවක් සහ අත්වාරු යුගලක් පිරිනමයි

සටනේදී රණක්‍ෂිතයට පත්ව සිටින බලනැවි කේඑස්පී රොද්‍රිගෝ යන විශ්‍රාමික කණිෂ්ඨ නාවිකයා වෙත රෝද පුටුවක් සහ අත්වාරු යුගලක් පිරිනැමීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 අගෝස්තු 20) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

20 Aug 2024

කොමදෝරු ධනේෂ් පත්බේරිය නාවික හමුදා වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන ලෙස වැඩ භාර ගනියි

කොමදෝරු ධනේෂ් පත්බේරිය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන වශයෙන් අද දින (2024 අගෝස්තු 20) නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන කාර්යාලයේදී වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

20 Aug 2024

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Spruance’ නෞකාව කොළඹ වරායට පැමිණෙයි

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Spruance’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 19) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගැනීමට කටයුතු කෙරිණි.

19 Aug 2024

හික්කඩුව සහ තංගල්ල වෙරළ තීරයේදී නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද දින (2024 අගෝස්තු 17) හික්කඩුව වෙරළ තීරය සහ තංගල්ල වරාය හා ඒ ආශ්‍රිත වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරිණි.

17 Aug 2024