75 වන නාවික හමුදා සංවත්සරයට සමඟාමීව ලේ දන්දීමේ වැඩසටහනක් සහ වෛද්‍ය සායනයක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වෙනි සංවත්සරය වෙනුවෙන්, සමාජමය, පාරසරික හා සදාචාරාත්මක මුලපිරීම් ආවරණය වන පරිදි නාවික හමුදාව ආගමික, පාරසරික හා සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු කෙරිණි. ඒ යටතේ නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යක් ලෙස සංවිධානය කළ ප්‍රජා සෞඛ්‍ය සායනයක් 2025 දෙසැම්බර් මස 07 වන දින ත්‍රිකුණාමලය නිලාවේලි ප්‍රදේශයේත්, ලේ දන්දීමේ වැඩසටහනක්, 2025 දෙසැම්බර් මස 10 වැනි දින ශ්‍රී ලංකා නාවික නෞකා නිපුන ආයතනයේ නාවික රෝහල් පරිශ්‍රයේදීත් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
ඒ අනුව, නැගෙනහිර විධාන වෛද්‍ය කාර්යය මණ්ඩලය විසින් ත්‍රිකුණාමලය සිංහ සමාජයේද සහය සහිතව, ත්‍රිකුණාමලය නිලාවේලි ප්‍රදේශයේ පැවැත්වූ මෙම ප්‍රජා සෞඛ්‍ය සායනය සඳහා පැමිණි ජනතාව වෙත බෝ නොවන රෝග සම්බන්ධ පරීක්‍ෂණ, ළමා සෞඛ්‍ය පරීක්‍ෂණ සහ ප්‍රථීකාර ලබාදීම සිදුකෙරිණි. එමෙන්ම, නාවික හමුදා 75 වන සංවත්සරයට සමඟාමීව නිපුන ආයතනයේ නාවික රෝහල් පරිශ්‍රයේදීත් සංවිධානය කල ලේ දන්දීමේ වැඩසටහන, ගාල්ල, කරාපිටිය ජාතික රෝහලේ ලේ බැංකුව හා සම්බන්ධීකරණයවී, එම බැංකුවේ රුධිර සංචිත නිසි පරිදි පවත්වා ගැනීමේ අරමුණින් සංවිධානය කෙරුණු අතර, ඒ සඳහා දකුණු නාවික විධානයට අයත් නාවික හමුදා පුද්ගලයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දායකත්වය දැක්වූහ.



















