වැදගත් සිදුවීම්

දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරි සැලැස්ම 2025-2029 එළිදැක්වීමේ අවස්ථාව නාවික හමුදා පුද්ගලයින් හට සජීවීව නැරඹීම සඳහා නාවික හමුදාව පහසුකම් සලසයි

දුෂණ වි‍රෝධි ජාතික ක්‍රියාකාරි සැලැස්ම 2025-2029 (National Anti-Corruption Action Plan- NACAP) එළිදැක්වීම, 2025 අප්‍රේල් මස 09 වැනි දින, ශ්‍රී ලංකා ජනාධිපති ගරු අනුරකුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඔ බංඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති සහභාගී විය.

11 Apr 2025

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් මොණරාගල දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ සන්ෂයින් ෆවුන්ඩේෂන් ෆෝ ගුඩ් (Sunshine Foundation for Good) ආයතනයේ මූල්‍ය දායකත්වයෙන් මොණරාගල දිස්ත්‍රීක්කයේ මඩුල්ල, අල්පිටිය මහා විදුහල් භූමියේ ස්ථාපිත කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය 2025 අප්‍රේල් මස 10 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි.

11 Apr 2025

පොතුවිල්, අල්-කලාම් මහා විද්‍යාලය “සතුට සපිරි පාසලක්” බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය හා පුරවැසි බලගැන්වීම

“සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම හා සමාජමය වටිනාකම් පෝෂණය කරණු ලබන, පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, පොතුවිල්, අල්-කලාම් මහා විද්‍යාල පරිශ්‍රය ආකර්ෂණීය ලෙස ප්‍රථිස්ථාපනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය ලබාදීම හා පුරවැසි බල ගැන්වීම 2025 අප්‍රේල් මස 07 වැනි දින සිදු කෙරිණි.

09 Apr 2025

උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ඉන්දික ද සිල්වා වැඩ භාර ගනියි

උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත්කෙරුණු රියර් අද්මිරාල් ඉන්දික ද සිල්වා අද (2025 අප්‍රේල් 09) එම විධාන මූලස්ථානයේදී ආඥාපති ධුරයේ වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

09 Apr 2025

‘Speech Craft’ සමාජයේ ප්‍රථම ඉංග්‍රීසි කථන වැඩමුළුව සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ගේ කථන හැකියාව (Public Speaking) සහ විශ්ලේෂණ කුසලතා (Analytical skills) වැඩිදියුණු කිරීමේ අරමුණෙන්, නාවික පර්යේෂණ ඒකකය විසින් ප්‍රථම වරට සංවිධානය කල ප්‍රථම ඉංග්‍රීසි කථන වැඩමුළුව, කැළණිය ටෝස්ට්මාස්ටර්ස් සමාජයේ මෙහෙයවීමෙන් 2025 මාර්තු මස 28 වැනි දින වැලිසර ‘Wave n’ Lake’ නාවික හමුදා උත්සව ශාලාවේදී සාර්ථකව පැවැත්විණි.

09 Apr 2025

නාවික හමුදාව මඟින් ආපදා කළමණාකරණය සම්බන්ධයෙන් ප්‍රජා බලගැන්වීමේ වැඩසටහනක්

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය යටතේ සමාජීය වශයෙන් ප්‍රජා බල ගැන්වීමට දායක වෙමින්, ශ්‍රී ලංකා නාවික හමුදාව, ආපදා කළමණාකරණය සම්බන්ධයෙන් ප්‍රජා බල ගැන්වීමේ පුහුණු වැඩසටහනක් 2025 අප්‍රේල් මස 05 වැනි දින සිට 07 වැනි දින දක්වා ගිණිකොණ නාවික විධානයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

09 Apr 2025

නාවික හමුදාධිපති නිර්මාණාත්මක ලිවීමේ හැකියාව අගයයි

නිර්මාණාත්මක ලිවීමේ වටිනාකම නාවික හමුදාධිපති විසින්, ලුතිනන් කොමාණ්ඩර් (සිඉ) ආර්ඒටීඩී රාජපක්‍ෂ විසින් රචිත කෙටිකතා එකතුවක් නාවික හමුදාධිපති වෙත පිළිගැන්වීම වෙනුවෙන්, 2025 අප්‍රේල් මස 07 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී සංවිධානය කෙරුණු අවස්ථාවේදී අවධාරණය කෙරිණි.

09 Apr 2025

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

2025 අප්‍රේල් මස 04 වැනි දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව අද (2025 අප්‍රේල් 07) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

07 Apr 2025

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන ‍02ක් ජනතා අයිතියට

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හීනුක්කිරියාව සහ නාවක්කුලම ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරසථාන පරිශ්‍රයේ ස්ථාපනය කල ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 2025 අප්‍රේල් මස 04 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි.

07 Apr 2025

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වෛද්‍ය අංශයේ මූල්‍ය දායකත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ මහින්දාගම ග්‍රාම නිලධාරී කොටඨාසයට අයත් ශ්‍රී මහසෙන් විහාර භූමියේ ස්ථාපිත කරන ලද ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය 2025 අප්‍රේල් මස 03 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි.

07 Apr 2025