06 වැනි ලෝක කැරම් ශූරතාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකාවට දිනා දීමට නාවික හමුදා කැරම් ක්‍රිඩකයින් දායක වෙයි

06 වැනි ලෝක කැරම් ශූරතාවලිය 2024 නොවැම්බර් මස 10 වන දින සිට 17 වන දින දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි දී පැවැත්වුණු අතර, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන නාවික හමුදාවේ නායක නැවි ඩබ්ඩබ්ඩීඑන් ප්‍රනාන්දු සහ නායක කාන්තා නැවි ජේ රොශිටා යන නාවිකයින් ගේ දායකත්වයෙන් තරඟාවලියේ කාන්තා සහ පිරිමි අනුශූරතාව ශ්‍රී ලංකාවට දිනාගැනීමට හැකි විය.

ඒ අනුව, රටවල් 18 ක සහභාගීත්වයෙන් පැවති 06 වැනි ලෝක කැරම් ශූරතාවලියේ දී, ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම නියෝජනය කරමින් නාවික හමුදා කැරම් ක්‍රීඩක නායක නැවි ඩබ්ඩබ්ඩීඑන් ප්‍රනාන්දු සහ කැරම් ක්‍රීඩිකා නායක කාන්තා නැවි ජේ රොශිටා යන නාවිකයින් ගේ දක්ෂ ක්‍රීඩා කෞශල්‍යය, ශ්‍රී ලංකාවට ලෝක කැරම් අනුශූරතාවය රැගෙන ඒමට මහඟු දායකත්වයක් විය.

තවද, මෙම ජයග්‍රහණය මඟින් මව්බිමට සහ නාවික හමුදාවට විශාල කීර්තියක් ගෙන දීමටද ඔවුන්ට අවස්ථාව උදා විය.