ක්‍රීඩා පුවත්

12 වන ආරක්ෂක සේවා ක්‍රිකට් තරගාවලිය - 2023 පිරිමි අනු ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි

2023 සැප්තැම්බර් මස 05 වන දින කටුනායක, ශ්‍රි ලංකා ගුවන් හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 12 වන ආරක්ෂක සේවා ක්‍රිකට් තරගාවලිය 2023 හි පිරිමි සමස්ථ අනු ශූරතාවය නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම දිනා ගැනීමට සමත් විය.

06 Sep 2023

අන්තර් විධාන පාපැදි තරඟය - 2023 ශ්‍රි ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයේදී සාර්ථකව අවසන් වෙයි

2023 අගෝස්තු මස 30 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්නි ආයතනයේ පැවති 2023 අන්තර් විධාන පාපැදි තරඟයේ පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානයත්, කාන්තා ශූරතාවය පුහුණු විධානයත් හිමි කර ගැනීමට සමත් වූ අතර, මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස වයඹ නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු තුෂාර උඩුගම සහභාගී විය.

01 Sep 2023

12 වන ආරක්ෂක සේවා කැරම් තරගාවලියේ පිරිමි අනුශූරතාවය නාවික හමුදා පිරිමි කැරම් කාණ්ඩායම දිනා ගනියි

2023 අගෝස්තු මස 29 සහ 30 දෙදින ශ්‍රි ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී පැවැති 12 වන ආරක්ෂක සේවා කැරම් තරගාවලියේ පිරිමි අනුශූරතාවය නාවික හමුදා පිරිමි කැරම් කාණ්ඩායම දිනා ගැනීමට සමත් විය.

31 Aug 2023

රුසියාවේ දී පැවති පළමු වන ආරක්‍ෂක හමුදා පිරිමි සත් සාමාජික රග්බි තරගාවලියෙහි තෙවන ස්ථානය ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා සත් සාමාජික රග්බි කණ්ඩායම දිනා ගනියි

රුසියාවේ මොස්කව් නුවර දී, 2023 අගෝස්තු මස 22 වන දින සිට 28 වන දින දක්වා පැවති පළමු වන ආරක්‍ෂක හමුදා පිරිමි සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ආරක්‍ෂක හමුදා සත් සාමාජික රග්බි කණ්ඩායම සමත් විය.

29 Aug 2023

ශ්‍රී ලංකා අන්තර් මධ්‍ය බොක්සිං තරගාවලිය 2023 හි ශූරතාවය නාවික හමුදාවට

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් මධ්‍ය බොක්සිං තරගාවලිය - 2023 හීදි රන් පදක්කම් 06 ක්, රීදී පදක්කම් 08 ක් හා ලෝකඩ පදක්කම් 05 ක් දිනාගනිමින් තරගාවලියේ සමස්ථ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා බොක්සිං කණ්ඩායම සමත් විය.

28 Aug 2023

රුවල් යාත්‍රා තරඟ ජයග්‍රහණ රැසක් ශ්‍රී ලංකා නාවික හමුදාව හිමි කර ගනියි

2023 අගෝස්තු මස 26 සහ 27 දෙදින, බොල්ගොඩ ජලාශ පරිශ්‍රයෙහි දී පැවති ‘CMYC Team Racing GP 14’ සහ ‘QEQ Sailing Challenge Trophy Open Race – 2023’ රුවල් යාත්‍රා තරඟාවලි සාර්ථකව අවසන් වූ අතර, එහිදී කැපීපෙනෙන දක්ෂතා පෙන්නුම් කල ශ්‍රී ලංකා නාවික හමුදා රුවල් යාත්‍රා කණ්ඩායම ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට සමත් විය.

28 Aug 2023

දෙවන ජාතික හෑන්ඩ්බෝල් ශූරතා තරඟාවලියේ අනුශූරතාවය නාවික හමුදා පිරිමි හෑන්ඩ්බෝල් කණ්ඩායම දිනා ගනියි

2023 අගෝස්තු මස 11 වන දින සිට 14 වන දින දක්වා පුත්තලම නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැති, දෙවන ජාතික හෑන්ඩ්බෝල් ශූරතා තරඟාවලියේ යුද හමුදා කණ්ඩායම සමඟ පැවති අවසන් මහ තරඟයෙන් නාවික හමුදා පිරිමි හෑන්ඩ්බෝල් කණ්ඩායම අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.

16 Aug 2023

12 වන ආරක්ෂක සේවා බේස්බෝල් තරඟාවලියේ පිරිමි ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි

2023 ජුලි මස 25 වන දින සිට 28 වන දින දක්වා දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවැති 12 වන ආරක්ෂක සේවා බේස්බෝල් තරඟාවලියෙහි පිරිමි ශුරතාවය නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම දිනා ගැනීමට සමත් විය.

02 Aug 2023

25 වන ආසියානු මලළ ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න සහ සයුරි මෙන්ඩිස් පදක්කම් දිනා ගනියි

තායිලන්තයේ බැංකොක් නුවර ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන, 25 වන ආසියානු මලළ ක්‍රීඩා ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද දින (2023 ජුලි 16) පැවති මිටර් 800 කාන්තා ධාවන ඉසව්වෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාන්තා සුළු නිලධාරී ගයන්තිකා අබේරත්න ලෝකඩ පදක්කමක් සහ මීටර් 400x4 සහය දිවීම තරඟයෙන් සාමාන්‍ය කාන්තා නැවි සයුරි මෙන්ඩිස් රිදී පදක්කමක් මව්බිමට දිනාදීමට සමත් විය.

16 Jul 2023

තායිලන්තයේ පැවැත්වෙන 25 වන අසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න මිටර් 1500 කාන්තා ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගනියි

තායිලන්තයේ බැංකොක් නුවර ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන, 25 වන අසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද දින (2023 ජුලි 12) පැවති මිටර් 1500 කාන්තා ධාවන ඉසව්ව සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාන්තා සුළු නිලධාරී ගයන්තිකා අබේරත්න ක්‍රීඩිකාව, එම ඉසව්වේ ලෝකඩ පදක්කම මව්බිමට දිනාදීමට සමත් විය.

12 Jul 2023