ක්‍රීඩා පුවත්
‘Commandant’s Cup Sailing Regatta - 2024’ ත්‍රීකුණාමලයේදී ආරම්භවේ
ත්‍රීකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් සිව්වන වරටත් සංවිධානය කරනු ලබන ‘Commandant’s Cup Sailing Regatta - 2024’ රුවල් යාත්‍රා තරඟාවලියේ සමාරම්භක උත්සවය 2024 අගෝස්තු මස 18 වන දින ත්‍රීකුණාමලය, කොමාණ්ඩර් ශාන්ති බහාර් අනුස්මරණ රුවල් යාත්‍රා සමාජයේදී, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු රොහාන් ජෝෂප් ගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
19 Aug 2024
චීනයේ පැවති 04 වන අසියානු පැරා ක්‍රීඩා උළලේදී මිටර් 400 පිරිමි ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් මව්බිමට දිනාදුන් නායක නැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ නාවික හමුදාධිපතිගේ ඇගයීමට
චීනයේ හෙන්ග්ෂුහි (HANGZHOU) පැවති, 04 වන අසියානු පැරා ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2023 ඔක්තෝබර් මස 28 වන දින පැවති මිටර් 400 පිරිමි ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ පැරා ක්‍රීඩක නායක නැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ, අද දින (2024 අගෝස්තු 12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවූ අතර, එහිදී 04 වන අසියානු පැරා ක්‍රීඩා උළලේදී මිටර් 400 පිරිමි ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් මව්බිමට දිනාදීම සඳහා ඔහු දැක්වූ දක්ෂතාවය අගයමින් මූල්‍යමය ත්‍යාගයක් පිරිනැමීමද නාවික හමුදාධිපති විසින් සිදුකෙරිණි.
12 Aug 2024
20 – 20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශූරතාවය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල නාවික හමුදා ක්‍රීඩිකාවන් නාවික හමුදාධිපතිගේ ඇගයීමට
පසුගියදා නිමාවට පත් වූ 20-20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශූරතාවය ශ්‍රී ලංකාවට දිනාදීම සඳහා දායක වූ කාන්තා නායක නැවි උදේශිකා ප්‍රබෝධනී, බලකාන්තා නැවි හසිනි පෙරේරා සහ සාමාන්‍ය කාන්තා නැවි හර්ෂිතා සමරවික්‍රම යන නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩිකාවන් අද දින (2024 අගෝස්තු 05) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවූ අතර, එහිදී ආසියානු කාන්තා ක්‍රිකට් කිරුල මව්බිමට දිනාදීමට සිදුකල දායකත්වය ඇගයූ නාවික හමුදාධිපති ඔවුන් පිළිවෙලින් කාන්තා සුළු නිලධාරී, කාන්තා නායක නැවි සහ බල කාන්තා නැවි තරාතිරම් දක්වා උසස් කිරීමද සිදුකෙරිණි.
05 Aug 2024
ලිපිකරු ආර්එම්එන් රත්නායක ‘Mr. Novice - 2024’ කායවර්ධන තරඟාවලියේදී ජයග්‍රහණ රැසක් හිමිකර ගනියි
ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය විසින් සංවිධානය කරන ලද ‘Mr. Novice - 2024’ කායවර්ධන තරඟාවලිය 2024 ජුලි මස 28 වන දින දෙහිවල එස් ද එස් ජයසිංහ සමරු රඟහලේ දී පැවැත්වුණු අතර, එහිදී නාවික හමුදා කායවර්ධන ක්‍රීඩක ලිපිකරු ආර්එම්එන් රත්නායක ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට සමත් විය.
30 Jul 2024
‘MAHAMERUWA RALLY CROSS – 2024’ ධාවන තරඟාවලියේදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට නාවික හමුදාව සමත් වෙයි
ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය මඟින් සංවිධානය කරන ලද ‘MAHAMERUWA RALLY CROSS – 2024’ ධාවන තරඟාවලිය, 2024 ජූලි මස 28 වන දින ගිරිඋල්ල, මහමේරුව ධාවන පථයේදී පැවති අතර, එහිදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට නාවික හමුදා අති ධාවනකාරී යතුරු පැදි සංචිතයේ ක්‍රීඩකයින් සමත් විය.
30 Jul 2024
නාවික හමුදා අන්තර් විධාන රග්බි තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වෙයි
නාවික හමුදා අන්තර් විධාන රග්බි තරඟාවලිය - 2024, මෙවර බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු රග්බි පිටියේ දී 2024 ජුලි මස 24 සිට 26 දක්වා සාර්ථකව පැවති අතර, එහි පිරිමි ශූරතාවය දියත් විධානය විසින් සහ කාන්තා ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගැනීමට සමත් විය.
27 Jul 2024
ශ්‍රී ලංකා අන්තර් මධ්‍ය බොක්සිං තරඟාවලිය - 2024 හි අනුශූරතාවය නාවික හමුදාව විසින් දිනා ගනියි
ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් මධ්‍ය බොක්සිං තරඟාවලිය - 2024, කොළඹ රාජකීය විද්‍යාලීය ගෘහස්ථ බොක්සිං ක්‍රීඩා වළල්ලේදී, 2024 ජුනි මස 15 වන දින සිට ජුලි මස 18 වන දින දක්වා පැවති අතර, එහිදී තරඟාවලියේ අනුශූරතාවය දිනා ගැනීමට නාවික හමුදා බොක්සිං කණ්ඩායම සමත් විය.
19 Jul 2024
අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2024 සාර්ථකව නිමාවට පත්වෙයි
අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2024, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී 2024 ජුලි මස 02 වන දින සිට 05 වන දින දක්වා පැවති අතර, එහි පිරිමි සමස්ථ ශූරතාවය බටහිර නාවික විධානය විසින්ද, කාන්තා සමස්ථ ශූරතාවය බටහිර නාවික විධානය විසින් ද හිමිකර ගැනීමට සමත් විය.
06 Jul 2024
‘අන්තර් විධාන ටෙනිස් තරඟාවලිය - 2024’ හි ශූරතාවය උතුරු නාවික විධානය විසින් දිනාගනියි
2024 ජූනි මස 22 වන දින සිට 29 වන දින දක්වා නාවික හා සාගරික විද්‍යාපීඨ ටෙනිස් පිටියේදී පැවති ‘අන්තර් විධාන ටෙනිස් තරඟාවලිය - 2024’ හි ශූරතාවය උතුරු නාවික විධානය විසින් සහ අනුශූරතාවය උතුරු මැද නාවික විධානය විසින් දිනා ගැනීමට සමත් විය.
02 Jul 2024
‘අන්තර් විධාන පාපන්දු තරඟාවලිය - 2024’ හි ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනා ගනියි
2024 ජුනි මස 07 වන දින සිට 13 වන දින දක්වා වැලිසර නාවික පරිශ්‍රයේ පාපන්දු ක්‍රීඩා පිටියේදී පැවති ‘අන්තර් විධාන පාපන්දු තරඟාවලිය - 2024’ හි සමස්ථ ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගැනීමට සමත් විය.
16 Jun 2024