‘Navy Monthly Medal Golf Tournament - 2025” සාර්ථකව නිමාවට පත්වෙයි

නාවික හමුදා ගොල්ෆ් සංචිතය විසින් සිව්වන වරටත් සංවිධානය කරන ලද ‘Navy Monthly Medal Golf Tournament - 2025” තරඟාවලිය වැලිසර ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී 2025 දෙසැම්බර් මස 28 වැනි දින සාර්ථකව පැවැත්වුණු අතර, ජයග්‍රාහකයින් වෙත ත්‍යාග පිරිනැමීම නාවික හමුදා ගොල්‍ෆ් සංචිතයේ සභාපති රියර් අද්මිරාල් ජගත් කුමාර විසින් සිදුකෙරිණි.

ඒ අනුව, නාවික හමුදා පුද්ගලයින් අතර ක්‍රීඩාශීලිත්වය, ශාරීරික යෝග්‍යතාවය සහ සුහදතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් සංවිධානය කරන ලද මෙම තරඟාවලියේ සමස්ත පිරිමි ශූරතාවය, Net winner හා Gross Winner කුසලාන ගුවන් විදුලි කාර්මික ඩීඑම්එස්එම් වන්නිනායක විසින් සහ සමස්ත කාන්තා ශූරතාවය බල කාන්තා නැවි ඒඑම් උමයන්ගනී විසින් දිනා ගැනීමට සමත්විය.

තවද, මෙම තරඟාවලියේ දී Net runner up හා Gross runner up කුසලාන කපිතාන් තුෂාර ජයවර්ධන විසින් ද, Nearest to the pin කුසලානය ගුවන් විදුලි කාර්මික ඩීඑම්එස්අයි ගුණවර්ධන විසින් සහ Longest Drive කුසලානය කොමදෝරු නලින්ද දිසානායක විසින් දිනා ගැනීමට සමත්විය.