ක්‍රීඩා පුවත්
අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය - 2025 නැගෙනහිර නාවික විධානයේදී සාර්ථකව නිමාවට පත් වෙයි
අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය, 2025 නොවැම්බර් 08 වන දින නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරල් රවීන්ද්‍ර තිසේරා ගේ ප්‍රධානත්වයෙන්, නාවික තටාකාංගනය සහ සැන්ඩිබේ වෙරළ තීරය ආශ්‍රිත ප්‍රදේශයේදී පැවති අතර, එහි පිරිමි හා කාන්තා ශූරතා පුහුණු විධානය විසින් දිනා ගැනීමට සමත් විය.
12 Nov 2025
අන්තර් විධාන පිහිනුම් හා දිය පන්දු තරඟාවලිය ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී සාර්ථකව අවසන් වෙයි
අන්තර් විධාන පිහිනුම් හා දිය පන්දු තරඟාවලිය 2025 නොවැම්බර් මස 04 වන දින සිට 07 වන දින දක්වා ශ්‍රීලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පිහිණුම් තඨාකයේදී පැවති අතර, එහිදි පිහිනුම් පිරිමි ශූරතාවය දියත් විධානයත්, පිහිනුම් කාන්තා ශූරතාවය පුහුණු විධානයත්, දිය පන්දු පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානයත් සහ දියපන්දු කාන්තා ශූරතාවය පුහුණු විධානයත් හිමි කර ගැනීමට සමත්විය.
12 Nov 2025
නාවික හමුදා අන්තර් විධාන පැසිපන්දු තරඟාවලිය වැලිසරදී සාර්ථකව නිමාවට පත්වෙයි
අන්තර් විධාන පැසිපන්දු තරඟාවලිය - 2025, වැලිසර ශ්‍රිලංනානෞ ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී 2025 ඔක්තොබර් මස 24 වන දින සිට 30 වන දින දක්වා පැවති අතර, එහිදී තරඟාවලියේ පිරිමි ශූරතාවය දියත් විධානයත්, කාන්තා ශූරතාවය බටහිර නාවික විධානයත් හිමිකර ගැනීමට සමත් විය.
12 Nov 2025


