අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය - 2025 නැගෙනහිර නාවික විධානයේදී සාර්ථකව නිමාවට පත් වෙයි

අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය, 2025 නොවැම්බර් 08 වන දින නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරල් රවීන්ද්‍ර තිසේරා ගේ ප්‍රධානත්වයෙන්, නාවික තටාකාංගනය සහ සැන්ඩිබේ වෙරළ තීරය ආශ්‍රිත ප්‍රදේශයේදී පැවති අතර, එහි පිරිමි හා කාන්තා ශූරතා පුහුණු විධානය විසින් දිනා ගැනීමට සමත් විය.

පිරිමි සහ කාන්තා වශයෙන් පැවති මෙම තරඟාවලිය සඳහා සියලුම නාවික විධානයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 57 දෙනෙකු සහභාගී විය. එහිදී, මීටර් 750 ක් පිහිනීම, කිලෝමීටර් 20 ක් පාපැදි ධාවනය සහ කිලෝමීටර් 05 ක් දිවීම යන තරඟ ඉසව් ඇතුලත් වූ පිරිමි කේවල අංශයේ ප්‍රථම ස්ථානය නැගෙනහිර නාවික විධානය නියෝජනය කල බල නැවි ඒඩීටීඑල් මුණසිංහ විසින්ද, දෙවන ස්ථානය සහ තෙවැනි ස්ථානය පුහුණු විධානය නියෝජනය කල සාමාන්‍ය නැවි ඊඑම්එස් වර්ණකුලසූරිය විසින් සහ සාමාන්‍ය නැවි ආර්බීපීඑල් බංඩාර විසින් හිමි කර ගත් අතර සමස්ත පිරිමි ශූරතාවය දිනාගැනීමට පුහුණු නාවික විධානය සමත් විය.

එමෙන්ම, වයස අවුරුදු 40ට වැඩි පිරිමි කාණ්ඩයේ ප්‍රථම ස්ථානය පුහුණු නාවික විධානය නියෝජනය කල ලුනිනන් කොමාණ්ඩර්, යුඑම්ඩබ්ජී කුමාර විසින් දිනාගත් අතර, කාන්තා කේවල අංශයේ ප්‍රථම, දෙවන සහ තෙවැනි ස්ථාන පිළිවෙලින් පුහුණු විධානය නියෝජනය කල සාමාන්‍ය කාන්තා නැවි ඒපීජීඑච්එන් ප්‍රේමසිරි, උප ලුතිනන් පීඒජීකේඑස් බංඩාර සහ බල කාන්තා ශාරීරික අභ්‍යාසක ඩීඑස්එම් නිශ්සංකා විසින් හිමි කර ගනිමින් මෙලෙස පිරිමි හා කාන්තා අන්තර් විධාන තුන්ප්‍රයාම ශුරතා පුහුණු විධානය විසින් දිනාගැනීමට සමත් විය.