අන්තර් විධාන පිහිනුම් හා දිය පන්දු තරඟාවලිය ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී සාර්ථකව අවසන් වෙයි
අන්තර් විධාන පිහිනුම් හා දිය පන්දු තරඟාවලිය 2025 නොවැම්බර් මස 04 වන දින සිට 07 වන දින දක්වා ශ්‍රීලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පිහිණුම් තඨාකයේදී පැවති අතර, එහිදි පිහිනුම් පිරිමි ශූරතාවය දියත් විධානයත්, පිහිනුම් කාන්තා ශූරතාවය පුහුණු විධානයත්, දිය පන්දු පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානයත් සහ දියපන්දු කාන්තා ශූරතාවය පුහුණු විධානයත් හිමි කර ගැනීමට සමත්විය.
නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ මෙම තරඟාවලියේදී,දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය දියත් විධානයේ උප ලුතිනන් පෙරේරා විසින්ද, දක්ෂතම ක්‍රීඩකාවට හිමි කුසලානය පුහුණු විධානයේ කාන්තා ශිෂ්‍යභට නිලධාරී ඩබ්එම්ඩීකේ බණ්ඩාර සහ සමාන්‍ය කාන්තා නැවි පීඑන්එන් පියසිරි විසින්ද, දක්ෂතම ආධුනික පිහිණුම් ක්‍රීඩකයාට හිමි කුසලානය නැගෙනහිර නාවික විධානයේ ආධුනික නැවි පීජීකේඩී ජයරත්න විසින්ද, දක්ෂතම ආධුනික පිහිණුම් ක්‍රීඩිකාවට හිමි කුසලානය පුහුණු විධානයේ සාමාන්‍ය නැවි කේඩබ්එන් මධුහංසනී විසින්ද, තරඟාවලියේ ප්‍රවීන දක්ෂතම ක්‍රීඩකයා ලෙස වයඹ නාවික විධානයේ ප්‍රධාන සුළු නිලධාරි කේඒඑස් කුමාර විසින්ද, දිනාගන්නා ලදී.
එමෙන්ම, දිය පන්දු තරඟාවලියේ දක්ෂතම ක්‍රිඩකයා ලෙස අවසන් තරඟයේ ගෝල් 05ක් සමඟින් තරඟාවලියේ සමස්ත ගෝල් 29 ක් ලබා ගත් නැගෙනහිර නාවික විධානයේ උප ලුතිනන් එම්ඩීඑන්එල් ඉලුක්පිටිය විසින්ද, එහි දක්ෂතම ක්‍රිඩිකාව ලෙස අවසන් තරඟයේ ගෝල් 08ක් සමඟින් තරඟාවලියේ සමස්ත ගෝල් 15 ක් ලබා ගත් පුහුණු විධානයේ සාමාන්‍ය කාන්තා නැවි එල්ඒයූකේ කුමාරී විසින්ද හිමි කර ගැනීමට සමත් විය.











































