නාවික හමුදා අන්තර් විධාන පැසිපන්දු තරඟාවලිය වැලිසරදී සාර්ථකව නිමාවට පත්වෙයි
අන්තර් විධාන පැසිපන්දු තරඟාවලිය - 2025, වැලිසර ශ්‍රිලංනානෞ ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී 2025 ඔක්තොබර් මස 24 වන දින සිට 30 වන දින දක්වා පැවති අතර, එහිදී තරඟාවලියේ පිරිමි ශූරතාවය දියත් විධානයත්, කාන්තා ශූරතාවය බටහිර නාවික විධානයත් හිමිකර ගැනීමට සමත් විය.
සෑම නාවික විධානයක්ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගීවු මෙම තරඟාවලියේදී, දියත් විධානය සහ බටහිර නාවික විධාන කණ්ඩයාම් අතර පැවති පිරිමි අවසන් තරඟය ලකුණු 55-54 ක් ලෙස ජයග්‍රහණය කල දියත් විධාන කණ්ඩායම අන්තර් විධාන පැසිපන්දු තරඟාවලිය - 2025 හි පිරිමි ශූරතාවය හිමිකරගත් අතර එහි අනුශූරතාවය බටහිර නාවික විධාන කණ්ඩයාමට හිමිවිය. බටහිර නාවික විධාන හා උතුරු මැද නාවික විධාන කණ්ඩායම් අතර, පැවති කාන්තා අවසන් තරඟය ලකුණු 25-16 ක් ලෙස ජයග්‍රහණය කල බටහිර නාවික විධාන කණ්ඩායම අන්තර් විධාන පැසිපන්දු තරඟාවලිය - 2025 හි කාන්තා ශූරතාවය හිමිකරගත් අතර, එහි අනුශූරතාවය උතුරු මැද නාවික විධාන කණ්ඩායමට හිමිවිය.
එමෙන්ම, මෙම තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය දියත් විධානය නියෝජනය කළ ලුතිනන් කොමාණ්ඩර් යුබී එදිරවීර විසින් හිමිකර ගැනීමට සමත්විය. තරඟාවලියේ නැගීඑන දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය දියත් විධානය නියෝජනය කල ලුතිනන් කොමාණ්ඩර් එච්පීඩීඑස්එච් පතිරන විසින් ද, නැගීඑන දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය බටහිර විධානය නියෝජනය කල සාමාන්‍ය කාන්තා නැවි ඒඒපීඑම් අතුකෝරළ විසින් සහ ප්‍රවීණතම ක්‍රීඩකයාට හිමි කුසලානය බටහිර විධානය නියෝජනය කල කොමාණ්ඩර් ඒවී සෞන්දරාජ් විසින්ද එහිදී හිමිකර ගැනීමට සමත් විය.


