2025 අන්තර් විධාන වොලිබෝල් තරඟාවලියේ පිරිමි හා කාන්තා ශූරතාවය දියත් විධානය සහ දකුණු නාවික විධානය දිනා ගනියි
2025 අන්තර් විධාන වොලිබෝල් තරඟාවලිය, 2025 ඔක්තෝබර් මස 03 වැනි දින සිට 08 වන දින දක්වා වැලිසර කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී පැවති අතර, තරඟාවලියේ පිරිමි ශූරතාවය දියත් විධානය විසින් සහ එහි කාන්තා ශූරතාවය දකුණු නාවික විධානය විසින් දිනා ගැනීමට සමත් විය.
මෙම තරඟාවලිය සඳහා සියළුම නාවික විධාන නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ අතර, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර ගේ ප්‍රධානත්වයෙන් පැවති අවසන් මහා තරඟයේදී නැගෙනහිර නාවික විධානය තරඟ වට 3 - 1 ක් ලෙස පරාජය කරමින්, දියත් විධානය තරඟාවලියේ පිරිමි ශූරතාවය හිමි කර ගැනීමට සමත් විය. එහිදී, ලුතිනන් ඩීඊඑස් ජයකොඩි දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය දිනාගැනීමට සමත් විය.
එමෙන්ම, කාන්තා අවසන් මහ තරඟයේදී දකුණු නාවික විධාන කණ්ඩායම විසින් බටහිර නාවික විධාන කණ්ඩායම තරඟ වට 2 - 0 ක් ලෙස පරාජය කරමින්, එහි ශූරතාවය හිමි කර ගත් අතර, ආධුනික කාන්තා නාවික එච්ඒටිඩී කුමාරි එහිදී දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය දිනාගැනීමට සමත් විය.