‘අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලිය - 2025’ සාර්ථකව අවසන් වෙයි

‘අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලිය - 2025’ මෙවර දියගම මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී 2025 මැයි මස 10 සහ 11 යන දිනයන්හීදී සාර්ථකව පැවැත්වුණු අතර, එහි සමස්ථ පිරිමි සහ කාන්තා ශූරතාවය පුහුණු නාවික විධානය දිනාගැනීමට සමත් විය.

මෙම තරගාවලියේ ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් සඳහා සියළුම නාවික විධාන නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වී සිටියහ. ඒ අනුව, කැපී පෙනෙන දක්ෂතා පිළිඹිබු කල පුහුණු නාවික විධානය සමස්ථ පිරිමි ශූරතාවයත්, එහි අනුශූරතාවය බටහිර නාවික විධානයත් දිනාගන්නා ලද අතර, සමස්ථ කාන්තා ශූරතාවය පුහුණු නාවික විධානය විසින් සහ එහි අනුශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනා ගැනීමට සමත් විය. “අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලිය - 2025” දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ආධුනික කාන්තා නැවි ඩීඑම්අයි චතුරි විසින් ද, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය බල ශාරීරික අභ්‍යාසක එන්එම්ජී තත්සර විසින් ද හිමිකර ගන්නා ලදි.

තවද, වාර්ෂිකව පවත්වනු ලබන අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලිය මඟින් නාවික හමුදාවේ නැව් මුළුවෙහි ශාරිරික සහ මානසික යෝග්‍යතාවය අපේක්‍ෂිත මට්ටමකට පවත්වා ගැනීමත්, එමඟින් නාවික හමුදාවේ කාර්ය හා කර්තව්‍ය කාර්යක්ෂමව හා ඵලදායී ලෙස ඉටු කිරීමත්, ජාතිකතලය වෙත දක්‍ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දායාද කර දීමත් නාවික හමුදාව අපේක්‍ෂා කෙරේ.