නාවික හමුදාව උතුරු ප්‍රදේශයේ අන්තර් දූපත් වොලිබෝල් තරඟාවලියක් සංවිධානය කරයි
නාවික හමුදාව සහ උතුරු ප්‍රදේශයේ සිවිල් ප්‍රජාව අතර සහයෝගිත්වය තවදුරටත් තහවුරු කිරීමට කෙරුණූ වොලිබෝල් තරඟාවලියක් එළුවතිව්, අනලතිව් සහ නයිනතිව් දූපත් ආශ්‍රිතව පැවැත්වුනු අතර, එහි අවසන් තරඟ 2025 අප්‍රේල් මස 29 වැනි දින කරෙයිනගර් වෙලප්පෙඩි වොලිබෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා නාවික නෞකා එලාර ආයතනය විසින් සංවිධානය කරන ලද මෙම වොලිබෝල් තරඟාවලිය එළුවතිව්, අනලතිව් සහ නයිනතිව් හි තරුණ තරුණියන් සියදෙනෙකුගෙන් (100) සැදුම්ලත් කණ්ඩායම් සහ නාවික හමුදා සාමාජිකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් වල සහභාගීත්වයෙන් පවත්වන ලද අතර, එක් එක් දූපත් අතර පැවැත්වූ මූලික තරඟ ජයග්‍රහනය කරන ලද කණ්ඩායම් අවසන් තරඟ සදහා එක්විය.
තවද, උතුරු ප්‍රදේශයේ ජනතාව සහ නාවික හමුදාව අතර දිඟුකාලීන සබඳතාවය සංකේතවත් කරමින් නාවික හමුදාව සහ සිවිල් ප්‍රජාව අතර යහපත් අන්තර් සම්බන්ධතාවයක් තහවුරු කිරිම මෙම තරඟාවලිය සංවිධානය කිරීම මඟින් නාවික හමුදාව අපේක්‍ෂා කෙරිණි.