ආරක්‍ෂක සේවා සත් සමාජික කාන්තා රග්බි ශූරතාවය නාවික හමුදාව දිනාගනියි
2025 ආරක්‍ෂක සේවා සත් සමාජික කාන්තා රග්බි තරගාවලිය - 2025 අප්‍රේල් මස 09 සහ 30 යන දිනයන්හීදී පවත්වන ලද අතර, තරඟාවලියේ සමස්ථ ශුරතාවය දිනා ගැනිමට නාවික හමුදා රග්බි කණ්ඩායම සමත්විය.
ඒ අනුව, මෙම තරඟාවලියේදී නාවික හමුදා කාන්තා කණ්ඩායම පනාගොඩ යුද හමුදා ක්‍රිඩාංගණයේදී පැවති පළමු තරඟයේදි ගුවන් හමුදා කණ්ඩායම පරදා 24 - 05ක් ලෙසින් සහ රත්මලාන ගුවන් හමුදා ක්‍රිඩාංගණයේ පැවති තරඟයේ යුද හමුදා කණ්ඩායම පරදා 12 - 05ක් ලෙස ජයග්‍රහණය කරමින් මෙලෙස සමස්ථ තරඟාවලියේ ශූරතාවය නාවික හමුදාවට දිනා දීමට සමත්විය.