‘Mahameruwa Rally Cross – 2025’ ධාවන තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාව හිමිකර ගනියි

ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයින්ගේ සංගමය මඟින් සංවිධානය කරන ලද ‘Mahameruwa Rally Cross – 2025’ තරඟාවලිය, 2025 අප්‍රේල් මස 27 වැනි දින ගිරිඋල්ල මහාමේරුව ධාවන පථයේදී සාර්ථකව පැවැත්වුනු අතර, එහිදී ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට නාවික හමුදාව සමත් විය.

ඒ අනුව, Racing 125 cc , 125 STD, Super Mortard Race-01, Super Mortard Race-02 සහ 250 STD යන අංශ සඳහා නාවික හමුදා යතුරුපැදි සංචිතයේ ක්‍රීඩකයින් සහභාගීවූ අතර, ඒ ඒ අංශයන්ගෙන් ඔවුන් පහත ජයග්‍රහණ හිමිකර ගැනීමට සමත් විය.

Racing 125 cc

සුළු නිලධාරී ඩීඑම්එස්එස් කුමාර - හය වන ස්ථානය

නාවික ශාරීරික අභ්‍යාසක ඊඒපීඑන් එදිරිසිංහ - සිව්වන ස්ථානය

125 STD

සුළු නිලධාරී ඩීඑම්එස්එස් කුමාර - සිව්වන ස්ථානය

නායක ඉංජිනේරු කාර්මික කේඑච්සී ගුණවර්ධන - පස්වන ස්ථානය

නායක සුපවේදී එච්ඒකේ චාමර - හත්වන ස්ථානය

Super Mortared Race-01

නායක ඉංජිනේරු කාර්මික එම්වීඩබ්පී කරුණාරත්න - හත්වන ස්ථානය

Super Mortared Race-02

නායක ඉංජිනේරු කාර්මික ආර්වීඩබ්පී කරුණාරත්න - හය වන ස්ථානය

250 STD

නාවික ශාරීරික අභ්‍යාසක ඊඒපීඑන් එදිරිසිංහ - දෙවන ස්ථානය