අන්තර් විධාන වෙඩි තැබීමේ ශූරතාවය පුහුණු විධානය දිනාගනියි
අන්තර් විධාන වෙඩි තැබීමේ තරඟාවලිය ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ වෙඩි පිටියේදී 2025 අප්‍රේල් මස 05 සිට 08 දක්වා පවත්වන ලද අතර, එහි පිරිමි හා කාන්තා ශූරතාවයන් පුහුණු විධානය විසින් දිනාගැනීමට සමත් විය.
ඒ අනුව, නාවික හමුදාවේ සියලුම විධානයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 220 දෙනෙකු අන්තර් විධාන වෙඩි තැබීමේ තරඟාවලිය සඳහා සහභාගී වූහ.
සමස්ථ තරඟාවලියේ පිරිමි අංශයේ හොඳම වෙඩික්කරු ලෙස නැගෙනහිර නාවික විධානයේ සුළු නිලධාරි පිපි සංජීව සහ හොදම කාන්තා වෙඩික්කාරිය ලෙස පුහුණු විධානයේ සාමාන්‍ය කාන්තා නැවි පිඩිඑම්ඒආර් කුමාරසිරි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල්, රියර් අද්මිරාල් මංජුල දිසානායක වෙතින් කුසලාන හිමිකරගත් අතර, තරඟාවලියේ සමස්ත පිරිමි සහ කාන්තා ශූරතාවය පුහුණු විධානය විසින් දිනා ගැනීමට සමත් විය.