13 වැනි ආරක්‍ෂක සේවා ටෙනිස් ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි
13 වැනි ආරක්‍ෂක සේවා ටෙනිස් තරඟාවලිය 2025 මාර්තු මස 24 සිට 28 දක්වා නාරාහේන්පිට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටෙනිස් පිටියේදී සාර්ථකව පැවැත්වුණු අතර, එහිදී තරඟාවලිය පුරා විශිෂ්ඨ දස්කම් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා නාවික හමුදාව, 13 වැනි ආරක්‍ෂක සේවා ටෙනිස් ශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත දිනා දීමට සමත් විය.
මෙම තරඟාවලියේ; කණ්ඩායම් අංශය, විවෘත ඒකල හා යුගල අංශය, වයස අවුරුදු 45ට වැඩි හා 50ට වැඩි ඒකල හා යුගල අංශය වශයෙන් පැවති තරඟ ඉසවු සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් තරඟකරුවන් සහභාගී වූහ.
ඒ අනුව, තරඟාවලිය පුරා විශිෂ්ඨ ලෙස ක්‍රීඩා කල නාවික හමුදා ක්‍රීඩකයින් රන් පදක්කම් 16ක් සහ රිදී පදක්කම් 05ක් දිනාගනිමින්, යුද්ධ හමුදා කණ්ඩායම ලබා ගත් ලකුණු 27 සහ ගුවන් හමුදා කණ්ඩයම ලබා ගත් ලකුණු 33 අභිබවා, සම්ස්ථ තරඟාවලියේ සම්පූර්ණ ලකුණු 39ක් හිමිකර ගනිමින් මෙලෙස, 13 වැනි ආරක්‍ෂක සේවා ටෙනිස් ශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත දිනා දීමට සමත් විය.