අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලිය - 2025 හි ශූරතාවය නැගෙනහිර නාවික විධානය දිනාගනියි

නාවික හමුදා අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලිය - 2025 හි අවසන් මහා තරඟය 2025 මාර්තු මස 28 වැනි දින වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති අතර, එහි ශූරතාවය නැගෙනහිර නාවික විධානය විසින් දිනාගැනීමට සමත් විය.

මෙම තරඟාවලියේ මූලික වටයේ තරඟ ‘ඒ’ සහ ‘බී’ වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා සහ නාවික හා සාගරික විද්‍යාපිඨ ක්‍රිකට් ක්‍රීඩාංගණයන් තුලදී පැවැත්වීමෙන් අනතරුව, ඊළඟ වටය සඳහා සුදුසුකම් ලැබු කණ්ඩායම් වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රිඩාංගනයේදී අර්ධ අවසන් තරඟ සඳහා සහභාගී විය.

අර්ධ අවසන් තරඟයන්ගෙන් ජයග්‍රනය කල උතුරු මැද නාවික විධානය සහ නැගෙනහිර නාවික විධානය අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබු අතර, එහිදී නැගෙනහිර නාවික විධානය පන්දු වාර 50 ක් අවසානයේදී, කඩුළු 10ක් දැවී ලකුණු 260ක් ලබා ගැනීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල උතුරු මැද නාවික විධානය පන්දුවාර 43 යි පන්දු 05 කදී සියලු දෙනා දැවී ලකුණු 203 ක් ලබාගත් අතර, ඒ අනුව නාවික හමුදා අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලිය - 2025 හි ශූරතාවය මෙලෙස නැගෙනහිර නාවික විධානය විසින් දිනා ගැනීමට සමත් විය. තරඟාවලියේ තෙවන ස්ථානය වයඹ නාවික විධානයට හිමි විය.

තරඟාවලියේ සුවිශේෂී දක්‍ෂතා පෙන්නුම් කල නාවික හමුදා පුද්ගලයින් පහත පරිදි පදක්කම්, කුසලාන හා සහතික පත් හිමි කර ගන්නා ලදි;

1. තරගාවලියේ දක්‍ෂතම පන්දු රකින්නා - නැගෙනහිර නාවික විධානය නියෝජනය කල ඉංජිනේරු කාර්මික ඩබ්පිඒඑම් රාජපක්‍ෂ (තරඟ 06ක් තුල උඩපන්දු 07ක් රැකගැනීම)

2. තරගාවලියේ දක්‍ෂතම පන්දු යවන්නා - පුහුණු විධානය නියෝජනය කල ලුතිනන් ආර්ඒබීඕ රණසිංහ (ඉනිම් 06කදී කඩුළු 15ක් ලබාගැනීම)

3. තරඟාවලියේ දක්‍ෂතම පිතිකරු - උතුරු මැද නාවික විධානය නියෝජනය කල නායක නැවි ආර්එම්ජීඒකේ රත්නායක, (ඉනිම් 04ක් තුල ඉනිමක සාමාන්‍ය 78ක් ලුකුණු රඳවා ගනිමින් ලකුණු 234ක් ලබාගැනීම)

4. අවසන් මහා තරඟයේ වීරයා - නැගෙනහිර නාවික විධානය නියෝජනය කල ප්‍රධාන සුළු නිලධාරි ජිවිඑම්එම්ඊ ප්‍රනාන්දු (පන්දු 41ක් තුල ලකුණු 76ක් ලබාගැනීම)

5. තරඟාවලියේ දක්‍ෂතම ක්‍රිඩකයා - උතුරු මැද නාවික විධානය නියෝජනය කල නායක නැවි ආර්එම්ජීඒකේ රත්නායක (ලකුණු 234ක්, කඩුළු 08ක් සහ උඩපන්දු 04ක් රැකගැනීම)

තවද මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිකට් සභාපති හා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, නාවික හමුදා මූලස්ථනයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.