“ජාතික රයිෆල් වෙඩි තැබිමේ තරඟාවලිය - 2025” පූනෑවේදී සාර්ථකව නිමාවට පත්වෙයි

තරුණ කටයුතු හා ක්‍රිඩා අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සහ ජාතික රයිෆල් සංගමයේ දායකත්වයෙන් “ජාතික රයිෆල් වෙඩි තැබිමේ තරඟාවලිය - 2025”, තරඟාවලිය දෙස් විදෙස් තරඟකරුවන්ගේ හා විනිසුරුවරුන්ගේ සහභාගීත්වයෙන් 2025 මාර්තු මස 06 වැනි දින සිට 08 වැනි දින දක්වා, පූනෑව පිහිටි නාවික හමුදා වෙඩි පිටියේදී සාර්ථකව නිමාවට පත්විය. ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් සහ ත්‍රිවිද හමුදාධිපතිවරුන්ගෙන් සහභාගීත්වයෙන් තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය, මිහින්තලේ මාලිමා නිකේතනයේදී පැවැත්විණි.

“ජාතික රයිෆල් වෙඩි තැබිමේ තරඟාවලිය - 2025” සඳහා ත්‍රිවිද හමුදාව, පොලීසිය සහ සිවිල් වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජ 12ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 213 ක් සහා ප්‍රථම වතාවට විදෙස් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වය සනිටුහන් කරමින් පිලිපීනය නියෝජනය කරමින් ක්‍රීඩකයින් තිදෙනෙක් (03) ඇතුළුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 216 දෙනෙකු සහභාගී වූ අතර, දේශීය තරඟ තීරකවරුන්ට (Range Master) අමතරව විදේශීය (පිලිපීන හා සිංගප්පූරු) තරඟ තීරකවරුන් දෙදෙනෙකුගේ විශේෂඥ විනිශ්චය දායකත්වය ඒ සඳහා හිමි විය.

තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත පදක්කම් සහ කුසලාන පිරිනැමීම ආරක්‍ෂක ලේකම් තුමා සහ ත්‍රිවිධ හමුදාධිපති වරුන් විසින් සිදුකෙරිණි. එහිදී Semi Automatic Standard Team Overall කාණ්ඩයේ දෙවන ස්ථානය සහ Semi Automatic Standard Military Team කාණ්ඩයේ දෙවන ස්ථානය නාවික හමුදාවට හිමිවිය.