නාවික හමුදා අන්තර් විධාන හොකී තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන හොකී තරඟාවලිය, 2025 මාර්තු මස 04 වැනි දින සිට 07 වැනි දින දක්වා වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ හොකී ක්‍රීඩා පිටියේදී පැවති අතර, එහි පිරිමි ශූරතාවය බටහිර නාවික විධානය විසින් සහ කාන්තා ශූරතාවය පුහුණු නාවික විධානය විසින් දිනා ගැනීමට සමත්විය.
අන්තර් විධාන හොකී තරඟාවලිය - 2025 සඳහා නාවික විධානයන් නියෝජනය කරමින් පිරිමි කණ්ඩායම් 09 ක් සහ කාන්තා කණ්ඩායම් 07ක් සහභාගී වූ අතර, තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය බටහිර විධානය නියෝජනය කළ සුනි කේජීඩීවීකේ ග්‍රේරු විසින් සහ දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය පුහුණු නාවික විධානය නියෝජනය කළ සාමාන්‍ය කාන්තා නැවි කේජීකේවි රණවීර විසින් හිමිකර ගැනීමට සමත්වූ අතර, තරඟාවලියේ දක්‍ෂතම දැල් රකින්නාට හිමි සම්මානය බටහිර විධානය නියෝජනය කළ ලුතිනන් එස්ඩී කරුණාරත්න විසින් සහ දක්‍ෂතම දැල් රකින්නියට හිමි සම්මානය දකුණු නාවික විධානය නියෝජනය කළ බල කාන්තා ශාරීරික අභ්‍යාශක එස්ඒටීඑම් සමරවීර විසින් හිමිකර ගැනීමට සමත්විය.
තවද, බටහිර නාවික විධානයේ ආඥාපති ගේ ප්‍රධානත්වයෙන් තරඟාවලියේ ත්‍යාග ප්‍රධාන උත්සවය පැවැත්වුනි. එහිදි අන්තර් විධාන හොකි පිරිමි ශූරතාවයට හිමි කුසලානය බටහිර නාවික විධානය විසින් සහ එහි අනුශූරතාවය දකුණු නාවික විධානය විසින්ද, කාන්තා ශූරතාවය පුහුණු නාවික විධානය විසින් සහ එහි අනු ශූරතාවය දකුණු නාවික විධානය විසින් දිනා ගැනීමට සමත් විය.