13 වන ආරක්‍ෂක සේවා තුන්ප්‍රයාම තරඟාවලියේ පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය නාවික හමුදාව දිනා ගනියි

13 වන ආරක්‍ෂක සේවා තුන්ප්‍රයාම තරඟාවලිය - 2025, අනුරාධපුර තිසා වැව ආශ්‍රිතව 2025 මාර්තු මස 06 වැනි දින පැවති අතර, තරඟාවලියේ පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට නාවික හමුදාව නියෝජනය කළ නායක කිමිදුම් ජේඩිපිපි ජයසිංහ සමත් විය.

යුද, නාවික, ගුවන් හමුදාවන්ට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 49 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පිරිමි හා කාන්තා වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වුණු 13 වන ආරක්‍ෂක සේවා තුන්ප්‍රයාම තරඟාවලිය සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් පිරිමි අංශය සඳහා ක්‍රීඩකයින් 10ක් ද, කාන්තා අංශය සඳහා ක්‍රීඩිකාවන් 03ක්ද සහභාගී වු අතර, තරඟාවලිය මීටර් 750 පිහිනුම් ඉසව්වකින්ද, කිලෝමීටර් 20ක පාපැදි ධාවන ඉසව්වකින් සහ කිලෝමීටර් 5ක මාර්ග ධාවන ඉසව්වකින් සමන්විත විය.

ඒ අනුව, දක්‍ෂ ක්‍රීඩා කෞශල්‍යක් පෙන්නුම් කල නායක කිමිදුම් ජේඩීපීපී ජයසිංහ විසින් ආරක්‍ෂක සේවා තුන්ප්‍රයාම පිරිමි අංශයේ පළමු ස්ථානය මෙලෙස දිනා ගැනීමට සමත් විය.