නායක කාන්තා නැවි ජේ රොශිටා ‘55 වැනි ජ්‍යේෂ්ඨ ජාතික කැරම් ශූරතාවලිය 2025’ කාන්තා ශූරතාවය දිනා ගනියි
‘55 වැනි ජ්‍යේෂ්ඨ ජාතික කැරම් ශූරතාවලිය 2025’, 2025 ජනවාරි මස 18 වැනි දින සිට මාර්තු මස 02 වැනි දින දක්වා කොළඹ කැරම් සංගම් මූලස්ථානයේදී පැවැත්වුණු අතර, එහිදී නාවික හමුදා ක්‍රීඩිකා නායක කාන්තා නැවි ජේ රොශිටා තරඟාවලියේ ඒකල කාන්තා ශූරතාවය නාවික හමුදාවට දිනා දීමට සමත් විය.
දිවයිනේ ප්‍රකට කැරම් ක්‍රිඩා සමාජ සහ පාසල් ක්‍රිඩික ක්‍රිඩිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම ශූරතාවලියේ කාන්තා ඒකල අවසන් තරඟය සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් නායක කාන්තා නැවි ජේ රොශිටා සහභාගී විය.
ඒ අනුව, විශිෂ්ඨ ක්‍රීඩා කෞශල්‍යක් පෙන්නුම් කල නායක කාන්තා නැවි ජේ රොශිටා තරඟාවලියේ කාන්තා ජාතික කැරම් ශූරතාව නාවික හමුදාට දිනා දෙමින් නාවික හමුදාවට කීර්තියක් ගෙනදීමට සමත් විය.
තවද, මෙම තරඟාවලියේදී නායක නැවි එන් ප්‍රනාන්දු ශූරතාවලියේ පිරිමි තුන්වන ස්ථානයද බල නැවි ඒ ජයවර්ධන එහි පස්වන ස්ථානයද ලබා ගැනීමට සමත් විය.