‘National Sailing Championship - 2025’ තරඟාවලිය කාක දූපතේදී සාර්ථකව නිමාවට පත් වෙයි
‘National Sailing Championship - 2025’ තරඟාවලිය 2025 පෙබරවාරි මස 24 සහ 25 යන දිනයන්හීදි මට්ටක්කුලිය, කාක දූපතේදී, සාර්ථකව පැවැත්වුණු අතර, එහිදී නාවික හමුදා රුවල් ඔරු සංචිතය එහි සමස්ථ ශූරතාවය දිනාගැනීමට සමත් විය.
පිරිමි සහ කාන්තා වශයෙන් පැවති ‘National Sailing Championship - 2025’ තරඟාවලිය සඳහා නාවික හමුදා රුවල් ඔරු සංචිතය ඇතුළුව දිවයිනේ ප්‍රකට රුවල් ඔරු සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අසූ පස් දෙනෙක් (85) සහභාගී වූ අතර, ප්‍රථම වතාවට යාපනය දිස්ත්‍රික්තයේ පාසල් සිසුන් කණ්ඩායමක්ද ජාතික රුවල් යාත්‍රා ශූරතාවලිය සඳහා සහභාගී විය.
ඒ අනුව, ජීපී 14 අංශයේ පළමු ස්ථානය නායක නැවි කේසී ද සොයිසා සහ නායක ඉංජිනේරු කාර්මික ටීඩීඑස් පෙරේරා විසින්ද, එහි දෙවන ස්ථානය සුළු නිලධාරී ඩබ්ඒඑස් වීරතුංග සහ සුළු නිලධාරී ජේපීඑස් ද සිල්වා විසින්ද, එහි තෙවන ස්ථානය නායක නැවි ඒඑම්ජේපී අත්තනායක සහ නායක නැවි ඒඑස්කේ ද සොයිසා විසින්ද දිනා ගැනීමට සමත් විය. Enterprise අංශයේ පළමු ස්ථානය නායක නැවි කේඑස්කේ ද සිල්වා සහ නායක කාන්තා නැවි එම්ඩීඑම් සුභාෂිණී විසින්ද, එහි දෙවන ස්ථානය නායක නැවි ඒජීපී අසංක සහ බල නැවි ඒඑස් ජෝතිපාල විසින්ද, එහි තෙවන ස්ථානය ලුතිනන් පීඑස්එස් ගෝමස් සහ නායක නැවි එස්පීපීඑන් කුමාර විසින් දිනාගැනීමට සමත්විය.
ILCA 6 අංශයේ, ප්‍රථම ස්ථානය ප්‍රධාන සුළු නිලධාරී පීඩීඩීඑස් රාජපක්‍ෂ විසින්ද, එහි දෙවන ස්ථානය නායක නැවි ජේඑස් සෙනවිරත්න විසින් සහ එහි තෙවන ස්ථානය සුළු නිලධාරී යූඩි රාජපක්‍ෂ විසින් දිනා ගැනීමට සමත් විය. එමෙන්ම, ILCA 7 අංශයේ ප්‍රථම ස්ථානය ප්‍රධාන සුළු නිලධාරී පීඩීඩීඑස් රාජපක්‍ෂ සහ එහි දෙවන ස්ථානය නායක නැවි ජේඑස් සෙනවිරත්න දිනාගැනීමට සමත්විය.
තවද, අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් සුජීව වීරසූරිය ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම තරඟාවලිය සඳහා විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නාවික හමුදා නිලධාරීන්, නාවික හමුදා මූලස්ථානය හා බටහිර නාවික විධානය නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, නාවිකයින්, දෙමාපියන් සහ උද්යෝගිමත් නරඹන්නන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.