13 වන ආරක්ෂක සේවා දුනු විදීමේ තරඟාවලියේ පිරිමි සම අනුශූරතාවය නාවික හමුදාව දිනාගනියි
2024 දෙසැම්බර් මස 17 සහ 18 යන දෙදින කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී 13 වන ආරක්ෂක සේවා දුනු විදීමේ තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වූ අතර, එහිදී නාවික හමුදා පිරිමි දුනු විදීමේ කණ්ඩායම ආරක්ෂක සේවා දුනුවිදීමේ සම අනුශූරතාවත් නාවික හමුදා කාන්තා දුනුවිදීමේ කණ්ඩායම ආරක්ෂක සේවා දුනුවිදීමේ තෙවැනි ස්ථානයත් දිනාගැනීමට සමත්විය.
මෙම තරඟාවලියේදී මීටර් 70 Recurve පිරිමි ඒකල ඉසව්වෙන් නායක නැවි පීටී වරුසවිතාන විසින් රන් පදක්කමක් දිනාගැනීමට සමත් වූ අතර, එහි පිරිමි කණ්ඩායම් ඉසව්ව නියෝජනය කළ නායක නැවි පීඩීඑන් ගුණරත්න, නායක නැවි කේඑස්එම් කරුණාරත්න සහ බල නැවි ආර්ඒ රුවන්තිස්ස යන නාවිකයින් විසින් එහි රිදී පදක්කමත්, සුළු නිලධාරී ආර්එම්එම්පී ප්‍රේමරත්න, නායක නැවි කේජීපී ක්‍රිශාන්ත සහ නායක නැවි පීටී වරුසවිතාන යන නාවිකයින් විසින් එම ඉසව්වේ ලෝකඩ පදක්කමත් දිනාගැනීමට සමන්විය.
මෙම තරගාවලියේ මීටර් 50 Compound පිරිමි කණ්ඩායම් ඉසව්වේ ලෝකඩ පදක්කම ප්‍රධාන සුළු නිලධාරි ඩබ්එච්කේජී වීරසිංහ, නායක නැවි එච්එන්එන්කේ ගුණරත්න සහ බල නැවි බීඩීජීසී ජයසේකර යන නාවිකයන් විසින් දිනාගැනීමට සමත් වූ අතර, මීටර් 70 Recurve මිශ්‍ර ඉසව්වේ ලෝකඩ පදක්කම සුළු නිලධාරී ආර්එම්එම්පී ප්‍රේමරත්න සහ කාන්තා නායක නැවි එස්එච්එන් රොෂානි යන නාවිකයන් විසින් දිනාගැනීමට සමත් විය.
තවද, මෙම තරඟාවලියේ මීටර් 70 Recurve කාන්තා කණ්ඩායම් ඉසව්වෙන් කාන්තා නායක නැවි එස්එච්එන් රොෂානි, කාන්තා බල නැවි ජීපීසී ද සිල්වා සහ කාන්තා බල නැවි ටීඑන් සඳමාලි විසින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.
ඒ අනුව, 13 වන ආරක්ෂක සේවා දුනු විදීමේ තරඟාවලියේදී නාවික හමුදා පිරිමි දුනු විදීමේ කණ්ඩායම සම අනුශූරතාවයත්, කාන්තා දුනු විදීමේ කණ්ඩායම කාන්තා තෙවන ස්ථානයත් දිනාගැනීමට සමත් විය.