“වේව්ස් ඇන්ඩ් වින්ග්ස්” වෙරළ හෑන්ඩ්බෝල් 2024 තරඟාවලියේ ශූරතාවය නාවික හමුදාව ‘බී’ කණ්ඩායම දිනා ගනියි
කොළඹ රොටරැක්ට් ක්රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද වේව්ස් ඇන්ඩ් වින්ග්ස් වෙරළ හෑන්ඩ් බෝල් තරඟාවලිය, 2024 දෙසැම්බර් මස 07 සහ 08 යන දෙදින ගල්කිස්ස වෙරළ තීරයේදී පවත්වන ලද අතර, නාවික හමුදා ‘ඒ’ කණ්ඩායම සහ නාවික හමුදා ‘බී’ කණ්ඩායම අතර පැවති අවසන් තරගයෙන් නාවික හමුදා ‘බී’ කණ්ඩායමට එහි ශූරතාවයත් නාවික හමුදා ‘ඒ’ කණ්ඩායමට එහි අනුශූරතාවයත් හිමිවිය.
ඒ අනුව, නාවික හමුදා ‘ඒ’ කණ්ඩායම සහ යූද්ධ හමුදා ‘බී’ කණ්ඩායම අතර සහ නාවික හමුදා ‘බී’ කණ්ඩායම සහ යූද්ධ හමුදා ‘ඒ’ කණ්ඩායම අතර පැවැත්වුණු අවසාන මහා තරඟයට සුදුසුකම් ලැබීමේ තරඟාවලියෙන් නාවික හමුදා ‘ඒ’ කණ්ඩායම සහ ‘බී’ කණ්ඩායම අවසන් තරඟයට තේරීපත් විය. ඒ අනුව නාවික හමුදා ‘ඒ’ සහ ‘බී’ කණ්ඩායම් අතර පැවති අවසන් තරඟයේදී මෙලෙස නාවික හමුදා ‘ඒ’ කණ්ඩායම පරදවා ‘බී’ කණ්ඩායම ශූරතාවය දිනාගැනීමට සමත්විය.
තවද, මෙම තරඟයේ දක්ෂතම ක්රීඩකයාට හිමි සම්මානය නාවික හමුදා හෑන්ඩ් බෝල් කණ්ඩායම නියෝජනය කල නායක නැවි කේඑම්ආර්එස්එස් බංඩාර විසින් සහ දක්ෂතම දැල් රකින්නාට හිමි සම්මානය නායක නැවි ආර්ඒඑස් කුමාර විසින් දිනා ගැනීමට සමත් විය.