13 වන ආරක්‍ෂක සේවා මේස පන්දු තරඟාවලියේ පිරිමි අංශයේ කණ්ඩායම් ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි

2024 නොවැම්බර් මස 26, 27 සහ 28 දිනයන්හි පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවති 13 වන ආරක්‍ෂක සේවා මේස පන්දු තරඟාවලියේ දී නාවික හමුදා ක්‍රීඩකයින් තරඟාවලියේ පිරිමි අංශයේ කණ්ඩායම් ශූරතාවය දිනාගැනීමට සමත් විය.

ඒ අනුව, විවෘත පිරිමි කේවල අංශයෙන් තරඟ වැදුනු සාමාන්‍ය නැවි එච්පී වරුෂවිතාන එහි තෙවන ස්ථානයත්, වයස අවුරුදු 40 න් ඉහල පිරිමි කේවල තරඟයේදී නායක නැවි පීඩීඅයිපී සිල්වා ප්‍රථම ස්ථානයත්, එහි තෙවන ස්ථානය කපිතාන් චන්දන සමරකෝන් විසින්ද දිනා ගැනීමට සමත් විය.

එමෙන්ම, වයස අවුරුදු 40 න් ඉහල පිරිමි යුගල තරඟයේදී කපිතාන් චන්දන සමරකෝන් සහ නායක නැවි පීඩීඅයිපී සිල්වා ශූරතාවයත්, මිශ්‍ර යුගල තරගයේදී සාමාන්‍ය නැවි එච්පී වරුෂවිතාන සහ සාමාන්‍ය කාන්තා නැවි එස්බීවයිඑම්එන්එස් සිව්රත්න තෙවන ස්ථානයත්, විවෘත පිරිමි යුගල තරගාවලියේ අනුශූරතාවය නායක නැවි පීඩීඅයිපී සිල්වා සහ සාමාන්‍ය නැවි එච්පී වරුෂවිතාන විසිනුත් දිනාගැනීමට සමත් විය.

තවද, මෙම තරඟාවලියේ කාන්තා විවෘත කේවල හා යුගල අංශයේ තෙවන ස්ථාන දිනාගැනීමට සාමාන්‍ය කාන්තා නැවි එස්බීවයිඑම්එන්එස් සිව්රත්න සහ සාමන්‍ය කාන්තා නැවි ඩීඑච් කොළඹගේ සමත් වූ අතර, වයස අවුරුදු 30 න් ඉහල කාන්තා කේවල හා යුගල අංශයෙන් තරග වැදුනු ලුතිනන් කොමාණ්ඩර් අනුරාධා පෙරේරා සහ ලුතිනන් කොමාණ්ඩර් අචිනි කරුණාරත්න විසින් එහි තෙවන ස්ථාන දිනා ගැනීමට සමත් විය.