13 වන ආරක්‍ෂක සේවා මල්ලවපොර තරඟාවලියේ පිරිමි ශූරතාවය සහ කාන්තා අනුශූරතාවය නාවික හමුදාව දිනාගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ සංවිධායක දායකත්වයෙන් 2024 නොවැම්බර් මස 20 සිට 22 දක්වා වැලිසර, කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර ගෘහස්ත ක්‍රීඩා සංකිර්ණයේදී පැවැත්වූණු 13 වන ආරක්‍ෂක සේවා මල්ලවපොර තරඟාවලියේ ජයග්‍රහණ රැසක් දිනා ගනිමින්, එහි පිරිමි අංශයේ ශූරතාවය සහ කාන්තා අනුශූරතාවය නාවික හමුදාව දිනා ගැනීමට සමත්විය.

13 වන ආරක්‍ෂක සේවා මල්ලවපොර තරඟාවලිය සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී විය. මෙම තරඟාවලිය සඳහා නාවික හමුදා පිරිමි මල්ලවපොර කණ්ඩායම නියෝජනය කරමින් බර පන්ති 10 ක් යටතේ තරඟ වැදුනු ක්‍රීඩකයින් රන් පදක්කම් 05 ක්, රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 01 ක් දිනාගනිමින් තරඟාවලියේ පිරිමි අංශයේ ශූරතාවය දිනාගැනීමට සමත් විය. නාවික හමුදා කාන්තා මල්ලවපොර කණ්ඩායම නියෝජනය කරමින් බර පංති 10 ක් යටතේ තරඟ වැදුනු නාවික හමුදා ක්‍රීඩිකාවන් එහිදී, රන් පදක්කම් 02 ක් සහ රිදී පදක්කම් 04 ක් දිනාගනිමින් තරඟාවලියේ කාන්තා අංශයේ අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව, මෙම තරඟාවලියේදී, කිලෝ ග්‍රෑම් 57 බර පංතිය ය‍ටතේ තරඟ වැදුනු සුළු නිලධාරි ඊඑම්ජී කතුරංග, කිලෝ ග්‍රෑම් 61 බර පංතිය ය‍ටතේ තරඟ වැදුනු නායක නැවි එස්ඩී අසංග, කිලෝ ග්‍රෑම් 65 බර පංතිය ය‍ටතේ තරඟ වැදුනු නායක නැවි සීඩී ප්‍රනාන්දු, කිලෝ ග්‍රෑම් 74 බර පංතිය ය‍ටතේ තරඟ වැදුනු බල නැවි පීඑස්යූ ප්‍රනාන්දු, සහ කිලෝ ග්‍රෑම් 86 බර පංතිය ය‍ටතේ තරඟ වැදුනු නායක නැවි බීපී රත්නායක යන නාවිකයන් රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය.

එමෙන්ම, කිලෝ ග්‍රෑම් 70 බර පංතිය ය‍ටතේ තරඟ වැදුනු නායක නැවි එච්එස් බුද්ධික සහ කිලෝ ග්‍රෑම් 97 බර පංතිය ය‍ටතේ තරඟ වැදුනු බල නැවි එස්එස්එන් වීමලසේන යන නාවිකයින් එහිදී රිදී පදක්කම් ද, කිලෝ ග්‍රෑම් 92 බර පංතිය යටතේ තරඟ වැදුනු, බල නැවි බිඒ සංජීත් ලෝකඩ පදක්කමක්ද දිනාගැනීමට සමත්විය.

13 වන ආරක්‍ෂක සේවා මල්ලවපොර තරඟාවලියේ කාන්තා අංශයේ කිලෝ ග්‍රෑම් 62 බර පංතිය යටතේ තරඟ වැදුනු සාමාන්‍ය කාන්තා නැවි ඩබ්එස්යූ සිල්වා සහ කිලෝ ග්‍රෑම් 68 බර පංතිය යටතේ තරඟ වැදුනු නායක කාන්තා නැවි කේවීඑස්ඩී කුමාරසිංහ යන කාන්තා නාවිකයින් විසින් රන් පදක්කම් දිනාගත් අතර, කිලෝ ග්‍රෑම් 55 බර පංතිය ය‍ටතේ තරඟ වැදුනු නායක කාන්තා නැවි එස්එම්ඩි මල්කාන්ති, කිලෝ ග්‍රෑම් 57 බර පංතිය යටතේ තරඟ වැදුනු නායක කාන්තා නැවි ජේඑම්ඩි ප්‍රියදර්ශණි, කිලෝ ග්‍රෑම් 65 බර පංතිය යටතේ තරඟ වැදුනු බල කාන්තා ශාරිරික අභ්‍යාසක ඩබ්ඩිඑස් නිමේශිකා, කිලෝ ග්‍රෑම් 72 බර පංතිය යටතේ තරඟ වැදුනු බල කාන්තා ශාරිරික අභ්‍යාසක ඩබ්ජිඩිඕ කරුණානායක යන කාන්තා නාවිකයින් විසින් රිදී පදක්කම් දිනා ගැනීමට සමත් විය.

මෙම අවස්ථාව සඳහා බටහිර නාවික විධානයේ හා ස්වේච්ජා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ, නාවික හමුදා අධ්‍යක්‍ෂ ක්‍රීඩා කොමදෝරු මාලන් පෙරේරා, බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති හා වැලිසර නාවික සංකීර්ණයේ අණභාර නිලධාරි කොමදෝරු බුද්ධික ජයවීර, කොමදෝරු අධිකාරි සැපයුම් හා සේවා දෙපාර්තමේන්තුව (බටහිර), කොමදෝරු (සැ) කුමාර මුණසිංහ, යුද්ධ හමුදාව සහ ගුවන් හමුදාව නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.