ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්‍ෂක සේවා අත් පන්දු පිරිමි ශූරතාවය දිනා ගනියි

දහතුන්වන (13) ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලෙහි අත් පන්දු තරඟාවලිය 2024 ඔක්තෝබර් මස 14 වන දින සිට 18 වන දින දක්වා පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුනු අතර, එහීදී නාවික හමුදා අත් පන්දු (Handball) කණ්ඩායම ආරක්‍ෂක සේවා පිරිමි අත් පන්දු ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් සංවිධානය කරන ලද මෙම තරඟාවලියේදී, නාවික හමුදා පිරිමි අත් පන්දු කණ්ඩායම ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදී. ඒ අනුව, නාවික හමුදා කණ්ඩායම සහ යුද්ධ හමුදා කණ්ඩායම අතර පැවති අවසන් තරඟයේ දී නාවික හමුදා ක්‍රීඩකයින් දක්‍ෂ ලෙස ක්‍රීඩා කරමින් ගෝල 42 - 41 ක් ලෙස යුද්ධ හමුදා කණ්ඩායම පරාජය කරමින් මෙලෙස ආරක්‍ෂක සේවා අත් පන්දු පිරිමි ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

තරඟාවලියේ දක්‍ෂතම ප්‍රහාරකයාට හිමි කුසලානය සුළු නිලධාරී ඩබ්ආර් වීරසිංහ විසින්ද, දක්ෂතම වලක්වන්නාට හිමි කුසලානය සුළු නිලධාරී ශාරීරික අභ්‍යාසක ඩබ්එච්පී ද සිල්වා විසින්ද, දක්‍ෂතම දැල් රකින්නාට හිමි කුසලානය නායක නැවි ටීඑස් ද සිල්වා විසින් සහ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය නායක නැවි කේඑම්ආර්එස්එස් බංඩාර විසින්ද ප්‍රධාන හිමි කර ගන්නා ලදී.

තවද, මෙම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් සහ ක්‍රීඩිකයින් පිරිසක් සහභාගිවි සිටියහ.