නාවික හමුදා අන්තර් විධාන හොකී තරඟාවලිය වැලිසර දී නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන හොකී තරඟාවලිය, 2024 ඔක්තෝබර් මස 08 වන දින සිට 11 වන දින දක්වා වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ හොකී ක්‍රීඩා පිටියේදී පැවති අතර, එහි පිරිමි සමශූරතාවය බටහිර නාවික විධානය හා පුහුණු විධනය විසින්ද, කාන්තා සමශූරතාවය බටහිර නාවික විධානය හා දකුණු නාවික විධානය විසින්ද දිනා ගැනීමට සමත්විය.

අන්තර් විධාන හොකී තරඟාවලිය - 2024 සඳහා නාවික විධානයන් නියෝජනය කරමින් පිරිමි කණ්ඩායම් 09 ක් සහ කාන්තා කණ්ඩායම් 07ක්‍ සහභාගී වූ අතර, තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය පුහුණු විධානය නියෝජනය කළ ලුතිනන් කේඩබ්ජීකේජී දිසානායක විසින් සහ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දකුණු නාවික විධානය නියෝජනය කළ බල කාන්තා නැවි ඒඒඑල් අමරසිංහ විසින් හිමිකර ගැනීමට සමත්විය.

තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමාදෝරු හර්ෂ ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, තරඟ නැරඹීම සඳහා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ලෂාන්ත් එන් හේවාවිතාරණ ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.