අන්තර් සමාජ පළමු පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පිතිකරුවා ලෙස නාවික හමුදාව නියෝජනය කළ ප්‍රධාන සුළු නිලධාරී (සංඥා) එන්ඒඑච් ද සිල්වා තේරී පත්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද අන්තර් සමාජ පළමු පෙළ (TIRE B) සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලිය, 2024 සැප්තැම්බර් මස 24 වන දින සිට 2024 ඔක්තෝබර් මස 09 වන දින දක්වා ක්‍රීඩා සමාජ 12 ක සහභාගීත්වයෙන් පවත්වන ලද අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම නියෝජනය කළ ප්‍රධාන සුළු නිලධාරී (සංඥා) එන්ඒඑච් ද සිල්වා විසින් තරඟාවලියේ දක්‍ෂතම පිතිකරුවා ලෙස තේරී පත්විය.

ඒ අනුව, නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දකුණත් පිතිකරු ප්‍රධාන සුළු නිලධාරී (සංඥා) එන්ඒඑච් ද සිල්වා විසින් තරඟාවලියේ තරඟ 05 ක් තුළදී එක් ශතකයක් සමඟින් ලකුණු 223 ක් සහ එක් ඉණිමක් තුළ 55.75 ක සාමාන්‍ය දළ වේගයක් පවත්වා ගනිමින් එලෙස එම තරඟාවලියේ දක්‍ෂතම පිතිකරුවා ලෙස තේරී පත්විය.

ප්‍රධාන සුළු නිලධාරී (සංඥා) එන්ඒඑච් ද සිල්වා එම තරඟාවලියේ හොඳම පිතිකරණය ලෙස ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 125 ක් පන්දු 142 කදී ලබා ගත් අතර, එය ඔහුගේ තරඟාවලියේ එක් තරඟයකදී හොඳම පිතිකරණය ලෙසද සනිටුහන් වේ.

තවද, තරඟාවලියේ ත්‍යාග ප්‍රදානය තරඟාවලි කමිටු සාමාජික දිනාල් තෙවරප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් 2024 ඔක්තෝබර් මස 09 වන දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී සිදු කෙරිණි.