13 වන ආරක්‍ෂක සේවා කඹ ඇදීමේ තරඟාවලියේ පිරිමි අනුශූරතාවය නාවික හමුදාව දිනාගනියි

13 වන ආරක්‍ෂක සේවා කඹ ඇදීමේ තරඟාවලිය ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ක්‍රීඩා පිටියේදී 2024 සැප්තැම්බර් මස 27 වන දින පැවති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා පිරිමි කඹ ඇඳීමේ කණ්ඩායම අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව, 13 වන ආරක්‍ෂක සේවා කඹ ඇදීමේ තරඟාවලිය සඳහා ත්‍රිවිධ හමුදා‍ව නියෝජනය කරමින් පිරිමි කණ්ඩායම් තුනක් (03) සහ කාන්තා කණ්ඩායම් තුනක් (03) සහභාගී වූ අතර, නාවික හමුදා පිරිමි කණ්ඩායම සහ යුද හමුදා පිරිමි කණ්ඩායම අවසන් තරඟයට තේරී පත්විය. එහිදී, තියුණු තරඟයකින් අනතුරුව අනුශූරතාවය දිනා ගැනීමට නාවික හමුදාව සමත් විය.

මෙම අවස්ථාව සඳහා උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර, එයාර් වයිස් මාෂල් කේසී ගීතප්‍රිය, බ්‍රිගේඩියර් එල්ජේඑම්සීපී ජයසුන්දර ඇතුළු ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගිවි සිටියහ.